Divaina - කොළඹ පමණක් නොව උතුර නැගෙනහිරත් ආරක්‍ෂාව තර කරන්න - දෙමළ සන්ධානය රජයෙන් ඉල්ලයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

TNAරටේ උදා වී ඇති තත්ත්වය හමුවේ කොළඹට පමණක් නොව උතුර නැගෙනහිර පළාත්වලටද විශාල තර්ජනයක් එල්ල වී ඇති නිසා එහි වැසියන්ගේ ආරක්‍ෂාව තර

කරන මෙන් දෙමළ ජාතික සන්ධානය රජයෙන් ඉල්ලීමක් කොට තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධාන හවුල්කාර පක්‍ෂයක් වන ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා මහතා විසින් මේ සම්බන්ධයෙන් ලිපියක් ජනාධිපති ලේකම් කාර්යාලය, අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය ඇතුළු තවත් වගකිව යුතු ආයතන කීපයකටම  23 දා යවා තිබේ.

මාවෙයි සේනාධිරාජා මන්තී‍්‍රවරයා එහි සඳහන් කොට ඇත්තේ නැගෙනහිර පළාතේ මඩකලපුවේ පිහිටි සියෝන් දේවස්ථානයට ප‍්‍රහාරයක් එල්ල වීමේ සිද්ධිය දෙස බලන විට අනිවාර්යෙන්ම උතුර පළාතේද එවැනි ස්ථාන එකක් හෝ දෙකක් බෝම්බකරුවන්ගේ ඉලක්ක බවට පත්ව තිබෙන්නට ඇතැයි පිළිගත යුතු බවයි.

මේ නිසා ඉදිරියේදී යම් විපතක් සිදු වීමට පෙර උතුර නැගෙනහිර පළාත්වල ආරක්‍ෂාවද සහතික කරන මෙන් මන්තී‍්‍රවරයා මෙම ලිපියෙන් ඉල්ලා ඇත.

දිනසේන රතුගමගේ
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles