Divaina - මඩකලපුවේ දේවස්ථානයට එල්ල වූ ප‍්‍රහාරයෙන් මියගිය 14 දෙනෙක්ම දරුවෝ - ‘ද ඬේලි මේල්’ පුවත්පත කියයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

bomb1මුළු මහත් ලොවම කම්පා කරවමින් පාස්කු ඉරිදා දිනයේ ශ‍්‍රී ලංකාවේ ස්ථාන අටක බෝම්බ පිපිරීම් නවයක් සිදුවුණි. එහිදී මඩකලපුවේ සියෝන් දේවස්ථානය අසළ සිදුවූ මිනිස් බෝම්බ පිපිරීමෙන් මියගොස් ඇති 28 දෙනාගෙන් 14 දෙනෙකුම කුඩා ළමුන් බව බි‍්‍රතාන්‍යයේ පළවන ‘ද ඬේලි මේල්’ පුවත්පත පවසයි.

මෙම මිනිස් බෝම්බ ප‍්‍රහාරය දේවස්ථානය තුළ සිදු කිරීමට බෝම්බකරු සැලසුම් කරන්නට ඇතැයිද එය වැළැකී ගොස් ඇත්තේ දේවස්ථානයේ පාස්කු දේව මෙහෙයට පැමිණි කතෝලික බැතිමතු් පිරිසක් විසින් සැකකටයුතු අයුරින් හැසිරුණු බෝම්බකරුව දේවස්ථානයෙන් ඈතට රැුගෙන යාම නිසා බවද දේවස්ථානයේ පියතුමා වන තිරු කුමාරන් ප‍්‍රකාශ කරයි.

කුමාරන් පියතුමාට අනුව මෙම මිනිස් බෝම්බ ප‍්‍රහාරයෙන් දේවස්ථානයට යාබදව පිහිටි ක‍්‍රීඩාංගනයේ සෙල්ලම කරමින් සිටි ළමුන් පිරිසකට ද ජීවිතයෙන් සමුගන්නට සිදුව ඇත.

මා ඉරිදා දේව මෙහෙයට සූදානම් වෙමින් සිටියදී දේවස්ථානයට පැමිණෙන බැතිමතෙකු නොවන වයස අවුරුදු 35 ක පමණ අයෙකු දේවස්ථානයට පිටතින් සිටිනු දක්්්නට ලැබුණා. මා ඔහුගෙන් විස්තර විමසූවිටදී තමාගේ නම ‘ඔමාර්’ බවත් යාබදව පිිහිටි ‘ඔඞ්ඩුමාවඩි’ නගරයේ සිට දේවස්ථානය නැරැුඹීමට පැමිණි බවත් කියා සිටියා. මා ඔහුට දේවස්ථානය තුළට පැමිණෙන ලෙස ආරාධනා කළත් ඔහු එය ප‍්‍රතික්‍ෂේප කරමින් පවසා සිටියේ තමා මිතුරකුගෙන් ඇමතුමක් ලැබෙන තෙක් බලා සිටින බවයි. ඔහු එක් අතකින් බෑගයක් අල්ලා ගෙන සිටියා. ඔහු දේවස්ථානය තුළට පැමිණීම ප‍්‍රතික්‍ෂේප කළ පසු මා ඉරිදා දේව මෙහෙය පැවැත්වීමට ඇතුළට ගොස් යාඥාව පටන් ගත්තා.

කෙසේ වුවද පැමිණි සිටි ඇතැම් බැතිමතුන් විසින් ඉහත කී පුද්ගලයා දිගින් දිගටම සැක කටයුතු අයුරින් හැසිරීම නිසා ඔහුව පිටතට ගෙන ගොස් තිබෙනවා. එක්වරම පිපුරුම් ශබ්දයක් ඇසීම නිසා හැරී බලන විට දේවස්ථානය තුළ ලේ විසිරී තිබුණා. පැමිණි සිටි බැතිමතුන්ගේ සිරුරු සෑම තැනම විසිරී තිබුණා. කෙසේ වෙතත් බෝම්බකරුව දේවස්ථානයෙන් ඉවතට ගෙන යෑමට බැතිමතුන් පිරිසක් විසින් ගත් එඩිතර ක‍්‍රියාමාර්ගය හේතුවෙන් විශාල පිිරිසක් මිය යෑමට තිබූ අවස්ථාව මග හැරුණා. එහෙත් ක‍්‍රීඩාංගනයේ ක‍්‍රීඩා කරමින් සිටි අහිංසක කුඩා දරුවන් 14 දෙනකු අවාසනාවන්ත අයුරින් බෝම්බයට හසුවී තිබුණා’ යැයි කුමාරන් පියතුමා පවසයි.

බෝම්බකරු ඇතැම් විට බලා සිටින්නට ඇත්තේ සෑම පියතුමෙකුම පැමිණ දේව මෙහෙය පටන් ගත් පසු උපරිම මිනිස් ඝාතනයක් සිදුකිරීමට විය හැකියි පියතුමා කියයි.

ඒමන්ති මාරඹේ
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles