Divaina - ජලාශ හා විදුලි බලාගාරවල ආරක්ෂාවට තිබූ රයිෆල් බළකා කඳවුර ඉවත් කිරීම අවදානම් - මධ්‍යම පළාතේ ජනතාවගෙන් මැසිවිලි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p7 2කොත්මලේ, වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ ඇතුළු ජලාශ හා විදුලි බලාගාරවල ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපිත කොට තිබූ කොත්මලේ අටබාගේ දෙවන රයිෆල් බළකා මූලස්ථාන කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබීම මධ්‍යම පළාතේ ආර්ථික මර්මස්ථාන දැඩි අනතුරකට හෙළිමක් බව මහජනතාව පවසති.

යුද්ධය පැවැති සමයේදී මෙම කඳවුර පිහිට වූ අතර එහි නිලධාරීන් සමග භට පිරිස් 600 ක් ස්ථාපිත කොට තිබිණි.

මෙම කඳවුර ආසන්නයේ පිහිටා ඇති කොත්මලේ භූගත විදුලි බලාගාරය විදුලි ගබඩාවක් ලෙස භාවිත කරන අතර මේ ස්ථානය වෙත රන්ටැඹේ, රන්දෙණිගල, පොල්ගොල්ල, උකුවෙල, ලක්ෂපාන, කැනියොන්, විමලසුරේන්ද්‍ර, ඉහළ කොත්මලේ ආදී ස්ථානවලින් ලැබෙන විදුලිය බියගම හා අනුරාධපුර බෙදා හැරීම් ස්ථානවලින් මුළු රටටම විදුලිය සැපයේ.

එසේම මේ ආසන්නයේ ඇති කොත්මලේ ජලාශය මෙරට ඇති ජලාශ අතුරින් ඉහළින්ම ඇති විශාලතම ජලාශය වන අතර එහි ආපදාවක් සිදු වුවහොත් අනෙකුත් ජලාශ ඉබේම අනතුරට ලක් වේ.

යුද සමයේදී කොත්මලේ ජලාශයට ඉහළින් ඇති ගම්මානයක සිට කොටි බුද්ධි අංශ මේජර්වරයකු ඇතුළු කොටි කි‍්‍රයාකාරීන් කීප දෙනකුම මෙම කඳවුරේ මෙහෙය වීම මත අත්අඩංගුවට ගත් අතර පසු කාලයේ මෙමගින් පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයන් අධීක්ෂණයට ද ලක් වී තිබේ.

එසේම මෙම කඳවුර මගින් ප‍්‍රදේශයේ සිදු වූ ආපදා කටයුතුවලට මැදිහත් වීම මෙන්ම රාජ්‍ය ආයතන ඇතුළු සහන කණ්ඩායම්වලට සහාය දීම ද සිදු කළ අතර පසුගිය වසරවල කඳුකර ප‍්‍රදේශවල වූ දරුණු නායයෑම්වලදී මෙන්ම ගිනි ගැනීම්වලදී මෙහි භට පිරිස් අතින් විශාල සේවයක් ද සැලසුනි.

මේ ආහාරයට මධ්‍යම පළාතේ ආර්ථික මර්මස්ථාන රැක ගැනීමට දායක වූ මෙම කඳවුර මෙම ස්ථානයේ ඉවත් කොට මේ වනවිට මෙහි ආපදා පුහුණු පාසලක් ඇරඹීමට පියවර ගෙන තිබේ.

කුඩා කණ්ඩායම්වලට පුහුණුව පවත්වන මෙම ස්ථානය අද සුදු අලියෙක් වී ඇති බව ද ප‍්‍රදේශවාසීහු පවසති.

(21 වැනිදා) බෝම්බ පිපිරී විශාල පිරිසක් මරුමුවට පත් වී තවත් සිය ගණනක් තුවාල ලබා රෝ්හල්ගතව සිටීම මෙරට සියලූ ජාතීන්ට දරා ගැනීමට නොහැකි ශෝකයක් විය. නමුත් මෙදින රාති‍්‍රයේ මෙම කඳවුරේ සිටින පුහුණු පාසලේ පිරිස් බජව් දමා බාල් නැටීම ප‍්‍රදේශවාසීන්ට මහත් දුකක් ගෙන දෙන්නක් විය.

ගම්පොළ - සුරංග දිල්හාන්
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles