Divaina - පැරිස් දෙව් මැඳුර ගිනිගත් වේදනාවෙන් ඔස්ටේ‍්‍රලියාවේ සිට පැමිණි අසංකා - කටුවපිටියේ ප‍්‍රහාරයෙන් දියණිය සමග අවසන් ගමන් යයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p7 1ඔස්ටේ‍්‍රලියාවේ සහ ශ‍්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා ඇති මීගමුව, කුරණ පදිංචි මැණික් අසංකා සූරියආරච්චි (46) තම එකම දියණිය වූ ඇලෙක්සැන්ඩි‍්‍රයා කොලොන්නේ (10* සමග ඔස්ටේ‍්‍රලියාවේ තම නෑයින්ගේ සුවදුක් නිතර විමසීමට පුරුදුව සිටියාය. මෙවර එහි ගොස් සිටියදී පාස්කු සමය උදාවිය.

ආගමික කටයුතුවලට දැඩි ඇල්මක් දැක්වූ ඇය දෙව්මැඳුරු වෙත නිතරම පාහේ ගොස් වැඳුම් පිඳුම් කළ නමුත් පැරිස් නුවර නොට‍්‍රඩෑම් දෙව්මැඳුර ගිනිගෙන විනාශ වීමේ සිද්ධිය නිසා තම දියණියද සමග ආපසු ‘දිවයින’ ට පැමිණියාය.

ආගමික භක්තියෙන් පිරුණු ඇය තම එකම දියණියද සමග මීගමුවට නුදුරු කටුවපිටිය දෙව්මැඳුරේ පාස්කු මංගල්‍යය දින දේව මෙහෙයට සහභාගි වෙමින් සිටියදී රුදුරු බෝම්බ ප‍්‍රහාරයට ගොදුරු වූවාය.

මවගේ හා දියණියගේ අවසන් කටයුතු පමුණුගම, බෝපිටිය කතෝලික සුසාන භූමියේ විශාල කතෝලික බැතිමතුන් ජනකායක් මධ්‍යයේ (23 දා) සිදු කරනු ලැබීය.

පමුණුගම - එස්. කේ. ජේ. කුරේරා
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles