Divaina - මනමාලියෙක් වෙන්න හිටපු දුව අන්තිමට ආවේ මිනී පෙට්ටියක; දෙහිවල බෝම්බයෙන් මියගිය පියුමි ශානිකා

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

lady156

එයා රැකියාව කළේ පණ වගේ. ඇය මනමාලියක් වෙන දවස මම හීන මවමින් හිටියා. මං කිව්වා දුවේ ඉක්මනට විවාහ වෙන්න කියලා. එයා කිව්වා අධ්‍යාපන කටයුතු ඉවර වුණ ගමන් විවාහ වෙනවා කියලා. මනමාලියක් වෙන්න හිටපු දුව අන්තිමට ආවේ මිනී පෙට්ටියක. ළඟදී උසස්වීමක් ලැබෙන්න හිටියා. ඉගෙනගන්නත් හරි දක්‍ෂයි. රැුකියාව කරන ගමන් අධ්‍යාපන කටයුතුවල නිරත වුණා යැයි දෙහිවල සත්වෝiානය ආසන්නයේදී පුපරුවා හරින ලද මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් මියගිය පානදුර උයන්කැලේ පදිංචි කම්කරු දෙපාර්තමේන්තුවේ මහරගම දිස්ත‍්‍රික් කම්කරු කාර්යාලයේ කළමනාකාර සහකාරියක ලෙස සේවය කළ 24 හැවිරිදි පියුමි ශානිකා සල්ගාදු මෙනවියගේ මව වන කාංචනා පෙරේරා (46* මහත්මිය හැඬූ කඳුළින් පැවසුවාය.

බෝම්බ ප‍්‍රහාරයෙන් මරණයට පත් මෙරෙඤ්ඤගේ පියුමි ශානිකා සල්ගාදු මෙනෙවිය පානදුර ශ‍්‍රී සුමංගල බාලිකා විදුහලේ අධ්‍යාපනය හදාරා උසස් අධ්‍යාපනය ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිiාලයේ වාණිජ අංශයෙන් බාහිර උපාධි අපේක්‍ෂිකාවක් වශයෙන් ලබමින් සිටි ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් ඇය බේරුවල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කර තිබේ. පසුව තරග විභාගයකට පෙනී සිට කම්කරු දෙපාර්තමේන්තුවේ මහරගම දිස්ත‍්‍රික් කම්කරු කාර්යාලයේ කළමනාකරණ සහකාරියක වශයෙන් ද මියයන තුරු කටයුතු කළාය.

තම දියණියගේ වියෝව සම්බන්ධයෙන් දරාගත නොහැකිව ඇය මෙසේ ද පැවසුවාය.

”පියුමි රැුකියාව පණ වගේ කළා. ජීවිතයම අධ්‍යාපන කටයුතුවල තමයි නිරත වුණේ. රැුකියාව කළා කියලා අධ්‍යාපන කටයුතු නොකර හිටියේ නෑ. මැයි 12 වැනිදා කැම්පස් එකේ විභාගයකට පෙනී සිටීමට නියමිතව සිටියා.

? 12.00 වෙනකන් පාඩම් කළා. පාන්දර 5.00 ට අවදි වෙලා එයා රස්සාවට යන්න ලෑස්ති වෙනවා. අපි පානදුර බස් නැවතුම්පළ වෙත අපේ වෑන් එකෙන් උදේට ගෙනත් දානවා. පස්සෙ සුඛෝපබෝගී බස් රථයක හැමදාම ඇය අධිවේගී මාර්ගය ඔස්සේ මහරගම තියෙන කාර්යාලයට යනවා. මේ සිද්ධිය වෙන දවසේ නුගේගොඩ ප‍්‍රදේශයේ පන්තියකට සහභාගි වෙමින් තමයි ඇය සිටියේ. සෙනසුරාදා එයා ජයවර්ධනපුර කැම්පස් එකට යනවා. එදා මම දහවල් 11.00 ට පමණ කිව්වා පුතේ බෝම්බ පිපිරිලා බලාගෙන ප‍්‍රවේශමෙන් කියලා. එයා කිව්වා බයවෙන්න එපා අම්මේ සර් උගන්වනවා කියලා. නමුත් අපි එයාගේ දුරකථනයට ඇමතුම් ගත්තට මුකුත් ප‍්‍රතිචාරයක් දැක්වූයේ නෑ. වෙනදා මට කතා කරලා අම්මේ බෙහෙත් බිව්වද කියලා අහන ළමයා. නමුත් අපි සැකේට එයාව බලන්න නුගේගොඩට ගියා. නුගේගොඩට යනකොට පන්තිය වහලා තිබුණා. හැබැයි එයාගේ දුරකථනය මේ වෙනකොටත් නාදවෙමින් තියෙනවා. මං හිතුවා එයාට අනතුරක් වෙලා කියලා.

 

lady2පියුමිට වැඩිමහල් සහෝදරයෙක් ඉන්නවා. තව බාල සහෝදරයකුත් ඉන්නවා. මියගිය පියුමි පවුලේ දෙවැනි දරුවා. ලොකු පුතා විවාහකයි. ලොකු පුතාගේ දරුවන්ටත් එයා පණ වගේ ආදරය කළා. අධ්‍යාපන කටයුතුවලට ද උදව් උපකාර කළා. මම නිතරම කිව්වා විවාහ වෙන්න කියලා. ඒත් ඇය කිව්වා පස්සෙ ඉගෙනගෙන ඉවරවෙලා ඒ කටයුතු කරගමු කියලා. මනමාලියක් වෙන්න හිටපු ඇය අන්තිමට ඒ වගේම ලස්සනට ඇඳගෙන ආවෙ පෙට්ටියක.” පියුමිගේ මව හැඬූ කඳුළින් පැවසුවාය.

පියුමි ශානිකා සල්ගාදු මෙනෙවියගේ අවසන් කටයුතු මේ මස 25 වැනිදා බ‍්‍රහස්පතින්දා (හෙට* පස්වරු 4.00 ට නල්ලූරුව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.

පානදුර - දීපිකා පීරිස්

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles