Divaina - ජල භීතිකා රෝගය තුරන් කිරීම නැවත සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගන්න එපා - නාගරික මංත‍්‍රි පශු වෛද්‍ය අලගමුත්තු නන්දකුමාර

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

dog1ශ‍්‍රී ලංකාවේ ජල භිතිකා රෝගය තුරන් කිරීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් විශාල වැඩ කොටසක් කරමින් සිටියදී එය නැවත සෞඛ්‍ය අමත්‍යාංශයට පවරා ගැනීමට යෑමෙන් එම කටයුතු නිසි ලෙස කර ගෙන යෑමට නොහැකි වනු ඇතැයි හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මංත‍්‍රි පශු වෛද්‍ය අලගමුත්තු නන්දකුමාර මහතා පවසයි.

මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වන අලගමුත්තු නන්දකුමාර මහතා ශ‍්‍රී ලංකාවේ ජල භිතිකා රෝගය තුරන් කිරීම සඳහා 2018 මැයි මාසයේ සිට එය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට භාර දීමෙන් පසු එම දෙපාර්තමේන්තුව මගින් ජල භීතිකා එන්නත ලබාදීම හා අයාලයේ යන සුනඛයන් වන්දානුකරණයට කිරීමට පියවර ගත්තා.

ඒ අනුව මෙම කෙටි කාලය තුළදී අයාලයේ යන සුනඛයන් හැට හයදාහක් (66,000* පමණ වන්දානුකරණය කර ඇති අතර දෙලක්ෂ පනස්දාහක් (2,50,000* පමණ සුනඛයන් එන්නත් කිරීමට පියවර ගෙන තිබෙන අතරම මේ පිළිබඳව ජනතාවටද හොඳ අවබෝධයක් ලබාදීමටත් මෙම පශු වෛද්‍ය නිලධාරීන් පියවර ගෙන තියෙනවා.

එය එසේ සිදුවෙමින් පවතින විට නැවත කැබිනට් පත‍්‍රිකාවක් මගින් මෙය සෞඛ්‍ය අමත්‍යාංශය වෙත පවරා ගැනීමට පියවර ගනිමින් සිටිනවා. මෙයට පෙර වසර 59යක පමණ කාලයක් තුළද සෞඛ්‍ය අමත්‍යාංශය මගින් මෙම ජල භිතිකා මර්දනය සිදු කළද ඔවුන්ට මෙම ජල භිතිකා මර්දනය නිසි ලෙස කර ගන්න බැරි වුණා.

එසේ තිබියදී මෙය සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවට භාරදීම සිදු කළේ එය සෞඛ්‍ය අමත්‍යාංශය මගින් නිසි ලෙස සිදු නොකළ නිසයි. එහෙත් සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව මෙය සාර්ථකව ඉටුකරමින් සිටියදී නැවත එය සෞඛ්‍ය අමත්‍යාංශය වෙත පවරා ගැනීමට යෑම ප‍්‍රශ්නයක්.

මෙම පවරා ගැනීම පිළිබඳව ලංකාව පුරා විසිර සිටින පශු වෛද්‍යවරුන් විශාල පිරිසක් විරෝධය දක්වනවා. මේ පිළිබඳව උඩරට නව ගම්මාන සංවර්ධන ඇමති පලනි දිගම්බරන් මහතාගේ අවධානය යොමු කර ඔහු හරහා සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාගේ අවධානය යොමු කර මෙම පවරා ගැනීම සිදු නොකරන ලෙස ඉල්ලා සිටීමට පියවර ගන්නා බවද අලගමුත්තු නන්දකුමාර මහතා වැඩිදුරටත් පැවසීය.

හැටන් - මනුර සුදත් සෙල්ලහේවා

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles