Divaina - බෙලිඅත්ත ප‍්‍රා. සභා විපක්‍ෂනායක වෙඩි වැදී රෝහලේ - වෙඩි තබා ගත්තාදැයි සැකයක්

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p1 3බෙලිඅත්ත ප‍්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක කපිල අමරකෝන් මහතා වෙඩි වැදීමෙන් ඇති වූ තුවාල හේතුවෙන් තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (20 දා* දහවල් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

ඔහුගේ කලව ප‍්‍රදේශයට වෙඩි වැදී ඇති බවත් ශල්‍යකර්මයක් සඳහා කරාපිටිය රෝහලට ඇතුළු කර ඇති අතර ජීවිතයට අනතුරක් නැති බවත් රෝහල් ප‍්‍රකාශකයෙක් ‘‘දිවයින’’ට පැවසීය.

බෙලිඅත්ත පල්ලත්තර පිහිටි නිවසේ නිදන කාමරයේදී ඒ මහතාට වෙඩි වැදී තිබෙන අතර නිදන කාමරයේ මෙට්ටය යට තිබී බෝර 12 ගිනි අවියක් සහ ඊට යොදන උණ්ඩ 4 ක්ද පොලිසියට හමු වී ඇත.

ඊයේ පෙරවරු 7.30 ට පමණ වෙඩි වැදීම සිදුව තිබෙන අතර එම අවස්ථාවේ නිවසේ ඔහුගේ දෙමාපියන් සහ දරුවන් දෙදෙනා සිට ඇත. කලව ප‍්‍රදේශයට වෙඩි වැදීමත් නිවසේ පිහිටීම සහ අවට පරිසරය අනුවත් පිටස්තර පුද්ගලයකුට වෙඩි තබා පලායෑමේ හැකියාව අවම බව පොලිසිය කියයි. එම වෙඩි තැබීම ඔහු විසින්ම සිදුකර ගන්නට ඇතැයි සැක කරන බව උසස් පොලිස් නිලධාරියෙක් ‘දිවයිනට’ පැවසීය. ගිනි අවිය රස පරීක්‍ෂකවරයාට යොමු කර වැඩිදුර වාර්තාවක් ගැනීමට නියමිතය.

p1 8එක්සත් ජාතික පක්‍ෂයෙන් දෙවනුව වැඩිම මනාප ලබා විපක්‍ෂ නායක ධුරයට පත් කපිල මහතාගේ බිරිඳ වෙන්ව ඇත. පවුල් ආරවුල් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ලැබී තිබූ බවත් එම නිලධාරීයා කීය. මෙම නිවසේ වයස අවුරුදු 18 ක පමණ තරුණියක්ද නැවතී සිටින බව ඔහු කීය.

නිවසේ තිබී හමු වූ ගිනි අවිය බලපත‍්‍ර නොමැති ගිනි අවියක් බවත් වෙඩි වැදීමෙන් පසුව ද අමරකෝන් මහතා නිවසේ තැනින් තැන ඇවිද ඇති බවට ලේ පැල්ලම් වැටී ඇති ආකාරය අනුව දක්නට තිබෙන බවත් එම නිලධාරියා කීය. විපක්‍ෂනායකවරයා වෙඩි වැදී තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රෝහල් කාර්ය මණ්ඩලය විසින් පොලිසිය දැනුවත් කළ බවද ඔහු කීය.

තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙස් මත තංගල්ල දිස්ත‍්‍රික්කය භාර පොලිස් අධිකාරි අබේරාජ් ගම්ලත් මහතාගේ අධීක්‍ෂණයෙන් බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක මංජු ලලිත් වික‍්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ඒ. ටී. ලක්මාල් සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.

චමින්ද සිල්වා - මුල්කිරිගල - පී. එස්. හෙට්ටිආරච්චි

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles