Divaina - ගොයමට ගැසූ වල් නාශකයකින් කුඹුරු අක්‌කර හයසියයක්‌ විනාශයි... වගා හානියට වන්දි ඉල්ලනවා - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

කරුණාරත්න ගමගේ
 
පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය මහ ගොවිජනපද ව්‍යාපාරයට අයත් සේවාගම, මොනරතැන්න, ගල්කොරිය, පලුගස්‌දමන යන කුඹුරු යායවල මෙවර මාස්‌ කන්නයේ වී වගාවේ වල් මර්දනය කිරීමට වල් නාශක වර්ගයක්‌ යෙදීමෙන් පසුව අක්‌කර 600 කට අධික ඒ වී වගාව විනාශ වෙමින් පවතින බව එහි ගොවි සංවිධාන නියෝජිතයන් සහ ගොවි ජනතාව කියා සිටිති.
 
 ප්‍රකට කෘෂි රසායන අලෙවි සමාගමක්‌ මගින් අලෙවි කර, බෙදාහැර තිබෙන මේ කෘෂි රසායන වර්ගය මෙවර ගොවීන්ට හඳුන්වාදී ඇත්තේ ප්‍රථම වතාවට බව ගොවීහු කීහ.
 
 ඒ වල් නාශකයේ විශේෂත්වය වී වගාවට යෙදීමෙන් පසුව ගොයම් ගස්‌ විනාශ වී අනෙකුත් තෘණ වර්ග නිරුපද්‍රිතව පැවැතීම බවද ගොවි ජනතාව පෙන්වා දෙති.
 
 ලීටරයක්‌ රුපියල් 7400 බැගින් අලෙවි කර ඇති මේ වල් නාශක වර්ගය ඇතැම් ගොවීන් විසින් ලීටර් 5, 6, 7 ආදී වශයෙන් මිලදී ගෙන තම වී වගාවට යොදා ඇතත් වල් මර්දනය වී නැතැයි ද අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ ගොයම මුළුමනින්ම විනාශවීම බවද ඒ ගොවි ජනතාව කියා සිටියහ.
 
 මෙවර මාස්‌ කන්නයේ පොලොන්නරුවේ ගොවීන් විසින් තම කුඹුරුවල වල් මර්දනය කිරීම සඳහා යොදන ලද එක්‌තරා වල් නාශක වර්ගයක්‌ නිසා වී වගාව විනාශ වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ද තහවුරු කළේය.
 
 ගොවීන්aගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව තමන් කෘෂිකර්ම උපදේශකවරුන් ඇතුළු ක්‍ෂෙත්‍ර නිලධාරීන් සමග අදාළ කුඹුරු පරික්‍ෂාවට ලක්‌ කළ බවත් ඒවායේ වී වගාව මුළුමනින්ම විනාශයට ලක්‌ව තිබෙන බව දැක ගැනීමට හැකි වූ බවත් පොලොන්නරුව දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ආර්. පී. උපාලි මහතා මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ප්‍රකාශ කළේය.
 
 මේ පිළිබඳව පලිබෝධ නාශක රෙජිස්‌ට්‍රාර් කාර්යාලය ද දැනුවත් කර තිබෙන බවත් ගොවි ජනතාවට මේ වල් නාශක භාවිතා කිරීම නිසා සිදුවී තිබෙන වගා හානි වෙනුවෙන් කෘෂි රසායන අලෙවි කළ සමාගම් වෙතින් වන්දි මුදලක්‌ ඉල්ලා සිටීමේ හැකියාව තිබෙන බවද ඒ මහතා කීවේය.

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles