Divaina - වලිකාමම් අක්‌කර 700ක්‌ මුල් පදිංචිකරුවන්ට - යුද හමුදාව එකඟවූ බව දිස්‌ත්‍රික්‌ ලේකම් කියයි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

යාපනයේ වලිකාමම් ප්‍රදේශයේ අක්‌කර 700 ක්‌ ඉතා ඉක්‌මනින් නිදහස්‌ කොට ඒවායෙහි මුල් අයිතිකරුවන්ට ලබාදීමට යුද හමුදාව එකඟවී ඇතැයි යාපනය දිස්‌ත්‍රික්‌ ලේකම් නාගලිංගම් වේදනායගම් මහතා පැවැසීය.

යුද හමුදාපතිවරයා පසුගිය සතියේදී යාපනයේ කළ සංචාරයේදී අලුත් අවුරුදු සමයේ උතුරේ වැසියන්ට යුද හමුදාවෙන් ඉඩම් විශාල ප්‍රමාණයක්‌ ලබාදෙන බවට ප්‍රකාශ කල බවත් ඔහු තමන් සමග කළ සාකච්ඡාවලදී උතුරේ වැසියන්ට අයත් ඉඩම්වලින් ආපසු ලබාදිය හැකි සියලුම ඉඩම් පියවරෙන් පියවර ලබාදීමට කටයුතු කරන බවත් පැවසූ බව යාපනය දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා සඳහන් කළේය.

වලිකාමම් ප්‍රදේශයෙන් නිදහස්‌ වන ඉඩම් අක්‌කර 700 පිළිබඳව සියලු විස්‌තර ප්‍රකාශ කළ හැකි වන්නේ එම ඉඩම් යුද හමුදාව විසින් තමන් වෙත භාරදීමෙන් පසුව යෑයිකී ලේකම්වරයා යාපනයේ තෙලිප්පලේ, කීරමලෙයි ඇතුළු අධි ආරක්‍ෂිත කලාපවල පිහිටි ඉඩම් පවා මේ වන විට යුද හමුදාව මගින් නිදහස්‌ කොට ඒවායෙහි මුල් අයිතිකරුවන් වෙත භාරදී ඇතැයි කියා සිටියේය.

ආපසු ඉඩම් ලබාදීමෙන් පසුව ඒවායෙහි නිසි අයිතිකරුවන් සොයා රජයේ නැවත පදිංචිකරවීමේ වැඩපිළිවෙළ යටතේ ඔවුන් යළි පදිංචි කරවන බවත් අනතුරුව කුමන හෝ ව්‍යාපෘතියක්‌ යටතේ ඔවුන්ට ස්‌ථිර නිවසක්‌ රජයෙන් ලබාදෙන බවත් යාපනය දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.

දිනසේන රතුගමගේ

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles