Divaina - අභියෝග හමුවේ නොසැලෙන ජනපති ගෝඨාභය....

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

gotta1- ජනපති 72වැනි ජන්ම දිනය නිමිත්තෙනි

පණ්ඩුකාභය කුමරු තරම් ජීවිතය රැකගෙන බලයට පත්වීම සඳහා අභියෝගවලට මුහුණ දුන් පාලකයෙක් මේ ඉතිහාසයේ හමුනොවේ. දුටුගැමුණු රජු තරම් බිහිසුණු සතුරු හමුදාවකට මූණදුන් කෙනෙක් ඉතිහාසයේ නොමැත. රාජ්‍ය ආරක්‍ෂාව තහවුරු කිරීමේදී වළගම්බා රජු තරම් තර්ජනවලට මූණදුන් කෙනෙක්ද නොවේ. මේ ත‍්‍රිවිධාකාරයේම අභියෝගවලට එකවර මූණදුන් පාලකයෙක් හැටියට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද වැනි දිනක පෙන්වාදීමට කැමැතිය. ඊයේ එනම් ජූනි 20 එතුමාගේ ජන්ම දිනයයි.

1949 වසරේ ජුනි මස 20 වැනිදා මාතර දිස්ත‍්‍රික්කයේ පලාටුව හී උපන් නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ නම් ඒ මහතා, හැදී වැඩෙන්නේ හම්බන්තොට වීරකැටිය ග‍්‍රාමය තුළයි. එතුමාගේ පියා වූ ඞී. ඒ. රාජපක්‍ෂ මහතා රට වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ මන්ත‍්‍රීවරයෙකි. දන්දිනා සමරසිංහ දිසානායක මහත්මිය එතුමාගේ පින්බර මෑණියෝ වූහ. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාත් අමාත්‍ය චමල් රාජපක්‍ෂ මැතිතුමා සහ බැසිල් රාජපක්‍ෂ මැතිතුමා ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ වැඩිමල් සහෝදරයෝ වෙති.

රජරැුටියෙක් හැටියටත් අටමස්ථානයේ හිමිනමක් ලෙසත් ගෝඨාභය රාජපක්‍ෂ චරිතය දකින්නේ ඉන් ඔබ්බට ගිය ගුණාංග රැුසක් තුළිනි. තිස්වසරක් පැවැති ත‍්‍රස්තවාදය පැරදවීමට ගෙනගිය මානුෂීය සටනට ආශිර්වාද කළ කෙනෙක් හැටියට මාගේ මතකය එතුමා සාලියපුර ගජබා රෙජමේන්තුවේ සේවය කළ සමය හා වඩාත් බැඳී පවතී.

සිය මූලික හා ද්විතීක අධ්‍යාපන කටයුතු කොළඹ ආනන්ද විද්‍යාලයෙන් හැදෑරූ ගෝඨාභය රාජපක්‍ෂ මහත්මා කැඩෙට් නිලධාරියකු වශයෙන් 1971 අපේ‍්‍රල් 26 වැනිදා දිනදී, ශ‍්‍රී ලංකා යුද හමුදාවට බැඳුණේය. එතුමා 1972 මැයි 25 වන දිනදී දෙවන ලූතිනන්වරයෙකු ලෙස සිය රාජකාරි අරඹන ලදී. දියතලාව යුද හමුදා පුහුණු විද්‍යාලයෙන් ද ඉන්දියාවේ ආරක්‍ෂක මාණ්ඩලික විද්‍යාලයෙන් හා මදුරාසි විශ්වවිද්‍යාලයෙන්ද ලද පුහුණුවීම් එතුමාට නිවැරදි ශික්‍ෂණයක් ගෙනදුන්නේය.

රණවිරුවෙක් ලෙස

පසුව ශ‍්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ රජරට රයිෆල්ස් හී සේවයේ යෙදී, 1983 වර්ෂයේදී ගජබා රෙජිමේන්තුවට මාරු කෙරිණි. සිය විසි වසරක් වූ හමුදා දිවිය තුළ දී, ශ‍්‍රී ලංකා ජනපතිවරුන් තිදෙනකු (ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ පේ‍්‍රමදාස සහ ඞී. බී. විජේතුංග* අතින්, නිර්භීතත්වය වෙනුවෙන් පිරිනමන සම්මාන හිමිකර ගැනීමට මෙතුමාට හැකිවිය. රණවික‍්‍රම, හා රණ ශූර පදක්කම් ඒ අතර සුවිශේෂීය. ඒ කිසිවක් නිරායාසයෙන් හිමිවූවක් නොවේ.

1983-1990 අතර කාලය තුළ කැපවීමෙන් සේවය කර ක‍්‍රම ක‍්‍රමයෙන් හමුදාවේ, ඉහළ තනතුරු දක්වා ගමන් කළ මෙතුමා, 1990 වසරේදී ,"Strike Hard", සහ ‘‘ති‍්‍රවිධ බලය’’ යන මෙහෙයුම් හී ආඥාපති වශයෙන් සිය කටයුතු සිදුකරන ලදී. වඩමාරච්චි සටනේ එතුමා අභීත සෙන්පතියෙකි. 1 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලෙස එතුමා කටයුතු කළේය. 1992 වසරේදී, ලූතිනන් කර්නල් පදවිය සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආඥාපති පදවිය දැරුවේය. පසුව හමුදා සේවයෙන් විශ‍්‍රාම ලබමින්, අමෙරිකා එක්සත් ජනපදය වෙත සංක‍්‍රමණය වෙන ලදී. එහිදී පද්ධති අනුකලණය කරන්නෙකු සහ යුනික්ස් Solaris මෙහෙයුම් පද්ධති පරිපාලකවරයෙකු වශයෙන් එතුමා රැුකියාවක නිරත විය.

ආරක්‍ෂක ලේකම් ලෙස

සිය සොයුරු, ජනපති අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය වීම සඳහා, 2005 වසරේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා නැවතත් ශ‍්‍රී ලංකාවට පැමිණියේය. එම 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ජයග‍්‍රහණය කිරීමෙන් අනතුරුව, 2005 නොවැම්බරයේදී ගෝඨාභය මහතා ශ‍්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කෙරිණි. දීර්ඝ කාලයක් පරක් තෙරක් නොමැතිව ඇදුණු යුද්ධය මානුෂීය සටනක් බවට පත්කර රටේ සියලූ ජනවර්ගවලට අයත් ජනයා ඉන් මුදා ගැනීමට මානුෂීය මෙහෙයුමක් ලෙස මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දියත්කළ රට එක්සේසත් කිරීමේ ව්‍යාපාරයට සෘජු මඟ පෙන්වීමක් කිරීමට එතුමාට හැකිවිය. එහිදී අභ්‍යන්තර මෙන්ම බාහිර සතුරන් නිසියාකාරව හඳුනාගනිමින්ද ඉවසීමෙන් උපායශීලීව ජීවිත හානි හා දේපළ හානි අවම වන අයුරින් සටන මෙහෙයවීම එතුමා නිවැරදිව සිදුකළේය.

ඒ කර්කශ යුගය නිමාකිරීම අද වහසිබස් දොඩවන අයගේ ප‍්‍රලාප තරම් සුන්දර නැත. 2006 දෙසැම්බර් 1 වැනි පෙරවරු 10.35 ට පමණ කොල්ලූපිටියේදී එල්ටීටීඊ ය විසින්, පුපුරන ද්‍රව්‍ය සහිත ති‍්‍රරෝද රථයක් ගෝඨාභය මහතා ගමන් ගත් රථ පෙළ වෙත ධාවනය කිරීමට සලස්වා පිපිරවීමක් සිදුකොට, ඉන් එතුමා ඝාතනය කර දැමීමට උත්සාහ කරතත් සටනේදී යෙදූ උපායන්ගේ සාර්ථකත්වය නිසාම එතුමා ජීවිතය ගලවා ගන්නා ලදී. නමුත් එතුමා කම්පා කරවමින් ප‍්‍රහාරය නිසා පුද්ගලයෝ දෙදෙනකු මරණයට පත්ව තවත් 14 දෙනකු තුවාල ලැබූහ.

ජාතිය තුළ සිදුවන පාවාදීම්, බල අරගල හා

අසමගිකම් දුරුකර සියලූ හමුදාවන් එකමුතු කර මානුෂීය මෙහෙයුම ජයගන්නා තැනට එතුමා මෙහෙයුම් සිදුකළේය.

ඒ අතරතුර කොළඹ නගරය ඇතුළු නගර රැුසක් පාරිසරිකව අලංකාරව විධිමත් කිරීමට එතුමා පෙරමුණ ගත්තේය. 2009 වසරේ මැයි මසදී ත‍්‍රස්තවාදය අවසන් කිරීමට, ‘‘යුද වීරයෙක්’’ ලෙස ලබාදුන් විශිෂ්ට කැපවීම අගයා, කොළඹ විශ්වවිද්‍යාලය විසින් එම වසරේම සැප්තැම්බර් 6 වන දින ගෝඨාභය මහතාට ආචාර්ය ගෞරව පදවියක් පිරිනැමීය.

පෙර රජ ගුණදම්

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වන්නටත් පෙර සිට එතුමා කෙරේ එල්ලවූ අභියෝග සුළුපටු නොවේ. ගෝඨාභය චරිතයේ වැදගත්ම ලක්‍ෂණ පිළිබිඹු වන්නේ එහිදීය. එතුමාගේ නීත්‍යනුකූල විදේශ ගමන් බලපත‍්‍රය නීති විරෝධී යැයි පවසා එතුමාව සිරගත කරවන්නට පිරිසක් වෑයම් කළහ. තවත් පිරිසක් එතුමා ඇමරිකානු පුරවැසියකු යැයි නීතිමය බාධක මවමින් ගමන වැළැක්වීමට වැට බඳින්නට වූහ. ඒ අතරතුර විදේශ රටවල නීතිවලින් එතුමා හිරකිරීමට වෑයම් කළහ. රට තුළ අපමණ අපහාස, ගැරහිලි හා මානසිකත්වය කඩා බිඳදැමීමට කළ හැකි සෑම අකුල්හෙළීමක්ම කළහ. එතුමා ජාතිවාදියෙකු යැයිද, මිලිටරි පාලකයෙකු යැයිද අනාවැකි හැදූහ.

මේ එකම චෝදනාවකදීවත් විරුද්ධවාදීන්ට පෙරළා අපහාස කිරීමට වචනයක් හෝ කටින් පිට නොකළ එතුමා මහත්මා ගුණයෙන් යුතුව රටවැසියා ඉදිරියේ පෙනීසිට කි‍්‍රයාවෙන් විශ්වාසය දිනාගත්තේය.

වෛරයෙන්, කුහකකමින් හා නින්දාවලින් කැකෑරෙන වර්තමාන දේශපාලනය තුළ සියලූ දෙනා මේ පාඩම ඉගෙනගත යුත්තේ ගෝඨාභය චරිතාපදානයෙනි. පෙර රජ දරුවන්ගේ ගුණයන්ට එතුමා සමපාත වන්නේ මේ පළිගැනීම, වෛරය හා අවලාද කිරීම් යන පහත් චෛතසිකයන් තුළ නොවීම තුළයි.

බෝසත් ගති

විශේෂයෙන්ම එතුමා බලයට පත්වීමෙන් පසු එතුමාට අපහාස කළ එකම පක්‍ෂ විපක්‍ෂ බලධාරියකුගෙන්වත් පුද්ගලික පළිගැනීමක් තියා වචනයකින්වත් සිත් රිදවීමක් කිරීමට මේ ජනාධිපතිතුමා කටයුතු කර නැත. ධර්මිෂ්ඨ, බෝසත් පාලකයෙකුගේ ගුණය එයයි. එතුමාට බලයට පත්වන්නට වෙනත් ජනවර්ගවල සහාය නොදෙන තැනට රට තුළ මතවාද තනා එතුමා එක් ජාතියක නායකයෙක් බවට පත්කිරීමට කර තිබූ භේද හමුවේ පරාජය කරගෙන බලයට ආවත් එතුමා ජාතීන් වෙන් කිරීමට කිසිදා පාලනය මෙහෙයවා නැත. මේවා පෙර රාජ ධර්මයන්ය.

මෙතුමා බලයට පත්වීමෙන් පසු දූෂිත රටක් පිරිසිදු කිරීම, පරිසරය සුවපත් කිරීම, කඩාවැටුණු ආර්ථිකය ගොඩනැගීම යන අර්බුදයන්ට සාර්ථකව මුහුණදෙන්නට අවතීර්ණ වීමත් සමඟ ලෝක වසංගතය හා ස්වාභාවික විපත් ගණනාවක් බලපෑම නූතන අර්බුද ලෙස ඉදිරිපත්ව තිබේ. මේ සියල්ල බහුවිධ හේතුකාරණා හා බැඳුණු අර්බුද වන අතර ගතවූ වසර දෙකකට ආසන්න කාලයේ ඒ සඳහා කළා වූ ධනාත්මක ප‍්‍රවේශයන් අප අගය කළ යුතුව තිබේ.

අභියෝගාත්මක තීන්දු

මෙතෙක් ආනයනය කරමින් තිබූ භාණ්ඩ 19 කට සීමා පනවමින්, අමු කහ වැනි වගාවන් දේශීයව වගාකරමින් දේශීය කෘෂි ආර්ථිකයට මඟපෙන්වීම තවදුරටත් ඉදිරියට ගෙනයමින් යුගයේ ගතයුතු අභියෝගාත්මක තීන්දුව වන කෘෂි රසායන හා රසායනික පොහොර සම්බන්ධව ගතයුතු ක‍්‍රියාමාර්ග නොපැකිළ ගැනීම එක් නිදසුනකි. පරිසරය සම්බන්ධයෙන් එතුමා ජනහදවත් අවදි වන ආකාරයෙන් තේමා ගොඩනැගුවේය.

‘‘පරිසරයෙන් තොර පැවතීමක් මානව සංහතියට නොමැත. එම සදාතනික සහසම්බන්ධතාවය සුරැුකීම අප සැමගේ යුතුකමක් සහ ඉදිරි පරපුර සඳහා වන වගකීම වේ.

‘‘සෞභ්‍යයේ දැක්ම’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුකූලව පරිසරය සංරක්‍ෂණය කිරීම, ජෛව විවිධත්වය ආරක්‍ෂා කිරීම, ජාතික වන ආවරණය වැඩි කිරීම, විද්‍යාත්මක අපද්‍රව්‍ය කළමනාකරණය සහ පරිසර හිතකාමී මානව ජනාවාසකරණය ආදිය සහතික කිරීම සඳහා කැපවෙමි. අන් කවරදාකටත් වඩා පෘථිවි මාතාවට අපගේ කැපවීම සහ කි‍්‍රයාත්මක වීම දැන් අවශ්‍යයයි! යන ප‍්‍රකාශය එතුමා සිදුකළේ

පසුගිය ජගත් පරිසර දිනයේය.

‘‘ඉහළ අස්වැන්නට වඩා මට ජනතාවගේ ජීවිත වටිනවා’’ වැනි ප‍්‍රකාශ තුළින් එතුමාගේ පාලන දැක්ම අපට හඳුනාගත හැක.

දෙස් විදෙස් ප‍්‍රසාදය

වසංගත රෝගයට මුහුණදීමේ වැඩසටහන මුලසිටම කළමනාකරණය කරන්නට ශ‍්‍රී ලංකාවට හැකිවිය. ජනාධිපතිතුමා ආරම්භ කළ ‘ඉටුකම’ අරමුදල වැනි ප‍්‍රවේශයන් ඒ සඳහා දූරදර්ශී කි‍්‍රයාමාර්ගයන්ය. වසංගත පාලනය භාර කළේ නිවැරදිම පුද්ගලයන්ටය. ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය (Sarah Hulton කොරෝනා වසංගතය මර්දනයට රජය ගෙනයන වැඩපිළිවෙළ කෙරෙහි පසුගියදා ප‍්‍රසාදය පළකළාය.

මෙතෙක් අරමුණක් නොමැතිව කි‍්‍රයාත්මක වූ බොහෝ වැඩපිළිවෙළවල් නිසි මගට ගනිමින් පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන්, අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීය වැඩසටහන්, නාගරික සංවර්ධනය, ග‍්‍රාමීය සංවර්ධනය, කාබනික වගාව ආදිය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ඉලක්ක හඳුන්වාදී තිබේ. ආගමික නායකයන්ට හා රටේ මහජනයාට එතුමා කන්දෙයි. විදේශ බලපෑම් මනාව හඳුනාගෙන ඒවා කළමනාකරණය කරයි.

රට යහපත් පාලකයෙකු හා ඉදිරියට යා යුතුව තිබේ. ඒ යුගය දෛවය විසින් අපට උදාකර දී තිබේ. මේ ජන්ම දිනය අපට ලබාදෙන්නේ ඒ පණිවුඩයයි. රටේ සමගිය සහජීවනය තහවුරු කිරීමට, ධාර්මික පාලනයක් ගොඩනගමින් සොබාදහමේ ආශිර්වාදය දිනාගන්නට, තිරසාර සංවර්ධනයකට, ජනජීවිතය සුරක්‍ෂිත කරන්නට ගෝඨාභය රාජපක්‍ෂ ජනපතිඳුන්ට ති‍්‍රවිධ රත්නයේ ආශිර්වාදය, ජය සිරිමා බෝ සමිඳුගේ පිහිට පතමි.
gotta3

මිරිසවැටිය විහාරාධිකාරී සහ
ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති,
ආචාර්ය ඊතලවැටුණුවැවේ
ඤාණතිලක නාහිමි

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles