Divaina - ආණ්‌ඩුව ගැන විශ්වාසයෙන් එළවළු ගත් අපි අමාරුවෙ වැටුණා... ඊයේ කිලෝව රු 200 ට විකුණූ එළවළු අද රු 50 ට වත් විකුණගන්න බැරි වුණා

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 ජූඞ් ඩෙන්සිල් පතිරාජ

 

elawalu500new
 
 කොවිඞ් - 19 වසංගතය නිසා එක පැත්තකින් පීඩාවට පත් වූ අපට අපේ එළවළු ටික විකුණා ගන්න බැරිව ගිහින් තියෙන්නේ. මැයි 13 වැනිදා මැදියම් රැුයේ සිට මැයි 17 වැනිදා සඳුදා උදෑසන පහ වෙනතුරු රටපුරාම සංචරණ නීතිය පැනවීමත් සමඟ රටපුරා කඩ වැසීමෙන් වෙළෙඳුන් අපෙන් එළවළු ගන්න එන්නේ නැහැ. රජය ගැන විශ්වාස කරලා රටපුරා ගොවීන්ගෙන් ගත් එළවළු ටික කුණු ගොඩට දාන්න සිද්ධ වී තිබෙනවා යැයි පෑලියගොඩ මැනිං තොග වෙළෙඳපොළේ එළවළු තොග වෙළෙන්දෝ තමන් පත් වූ අසරණතාවය ගැන ‘දිවයින’ ට ඊයේ (14 දා* එසේ ප‍්‍රකාශ කළහ.
 
 මේ සම්බන්ධව සොයා බැලීමට රජයේ කිසිදු
 
 වගකිවයුත්තකු හෝ බලධාරියකු තමන් සොයා ආවේ නැතැයි ද ඔවුහු සඳහන් කළහ. තමන් පත්ව ඇති අසරණ තත්ත්වය පිළිබඳව කරුණු දැක්වූ මැනිං වෙළෙඳපොළේ එළවළු තොග වෙළෙන්දකු වන කැලණියේ චරිත් බුද්ධික මහතා -
 
 අපට නියෝග පනවා තියෙන්නේ තොග වෙළෙඳාම කරන්න විතරයි. සිල්ලරට එළවළු විකුණන්න බැහැ. තොග වෙළෙඳාමට මැනිං වෙළෙඳපොළ විවෘත කිරීමෙන් තේරුමක් නැහැ. මුළු රටේම සංචරණ නීතිය පනවලා. රටපුරා කඩ විවෘත කරන්න එපා කියලා තියෙන්නේ. අපෙන් තොගයට එළවළු ගන්න එන්නේ විවිධ පළාත්වල කඩවලට දාන්නයි. වෙන දිනක පාන්දර තුන වෙද්දී බාන එළවළු ටික උදේ 7.00 වෙද්දී විකුණලා අවසන් වෙනවා. ඒත්. තොගයට ගන්න එන වෙළෙන්දෝ අද නැහැ. අපේ එළවළු ගෝනි පිටින්ම එහෙමමයි. ලක්‍ෂ ගණන් අපට පාඩුයි.
 
 කඩවත, නීල් ප‍්‍රසන්න මහතා -
 
 වගකිවයුත්තන් කිසිදු තීරණයක් නිවැරදිව ගන්නේ නැහැ. ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරන්න කියනවා. රට පුරාම ගොවීන් තමන්ගේ එළවළු අරගෙන
 
 පෑලියගොඩට ආවා. සිල්ලර වෙළෙඳාම කරන්න එපා කියලා කියනවා. තොග පමණයි කියනවා. තමුත් තොග ගෙන යන්න වෙළෙඳුන් එන්නේ නෑ. ඔවුන් එළවළු
 
 ගෙනිහින් ගම්වල කාට විකුණන්නද? වෙළෙඳසල් වහලා. අපට නුවරඑළිය, කැප්පෙටිපොල, තඹුත්තේගම, මාතලේ ඇතුළු පළාත් ගණනාවකින් එළවළු එනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වගේ නොවේ. පෑලියගොඩට එන්නේ මහා පරිමාණයේ එළවළු තොග. අද අපිට එළවළු ටික විකුණා ගන්න බැහැ. වෙනත් දිනකට පාන්දර 3.00 ට එළවළු තොග එනවා. සවස 4.00 වෙද්දී අපේ බිස්නස් අවසන් වෙනවා.
 
 තුම්මෝදර, උපුල් නිශාන්ත මහතා -
 
 කඩවලට එළවළු ගෙන යන වෙළෙඳුන් (තොග* මැනිං වෙළෙඳපොළට එන්නේ. එළවළු ගෙනිහින් කාට විකුණන්නද? ඊයේ කිලෝ එක රු. 200/= ට වික්ක එළවළු අද රු. 50/= ට විකුණන්නත් බැහැ. අපි අමාරුවේ වැටුණා. ලක්‍ෂ ගණනින් අපේ වෙළෙඳුන්ට පාඩු වුණා.
 
 නුවරඑළියේ කේ. සතිෂ් මහතා -
 
 පෑලියගොඩ මැනිං වෙළෙඳ පොළ පෙරේදා (13* වහන්න කීවා. ආයෙත් විවෘත කරන්න කියනවා.
 
 තොග විතරයි කීවා. සිල්ලරට විකුණන්න බැහැ කීවා.
 
 ගොතටුව, හේම ශාන්ත මහතා -
 
 පෑලියගොඩ මැනිං තොග වෙළෙඳපොළ සංචරණ තහනම් දින තුනේ විවෘත කරන්න කීවා. තොග වෙළෙඳාම පමණයි සිල්ලරට අලෙවි කරන්න ඉඩක් නැහැ කීවා. නමුත් තොග ගන්න වෙළෙන්දෝ පිට පළාත්වලින් එන්නේ නෑ. හේතුව ඔවුන් එළවළු රැුගෙන යන පළාත්වල කඩ වසා දැමීම නිසා. පෙරේදා (13 දා* උදේම කියූ කථාව දහවල් දොළහ වෙද්දී වෙනස් වුණා. අපි අමාරුවේ වැටුණා.

 

 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles