Divaina - අද රැ 12.00 සිට සඳුදා අලුයම 4.00 තෙක් රට පුරා ගමන් තහනම්

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 13 1

* අත්‍යවශ්‍ය සේවාවලට බාධාවක් නෑ

* එන්නත ගන්න යන්න පුළුවන්

* සඳුදා සිට රැ 11.00 - අලුයම 4 තෙක් සංචරණ සීමා

* දවල්ට එළියට යන්න පුළුවන් ගෙදරින් එක්කෙනාටයි ඒකත් හැඳුනුම්පතේ අවසන් අංකය අනුව උත්සව සාද තහනම්

* ආයතනික රැස්වීම් උපරිමය 10 දෙනායි

* විවාහ ලියාපදිංචිය ළගම ඥාතීන් 15 ක සීමාවක්

* අවමගුලට 15 ක් පමණයි

p1 13 2අද (13 දා) මධ්‍යම රාතී‍්‍ර 11.00 සිට 17 වැනිදා අලූයම 4.00 දක්වා දිවයින පුරා විශේෂ සංචරණ සීමාවන් පනවා ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව මෙම කාලසීමාවේදී අත්‍යවශ්‍ය සේවාවන් හැර වෙනත් කිසිදු කටයුත්තක් සඳහා නිවසින් බැහැරට යෑමට අවසර නොලැබේ.

කෙසේ වෙතත් බස්නාහිර පළාතේ කි‍්‍රයාත්මක කොවිඞ් පාලන එන්නත් ලබාදීමේ වැඩසටහන අද (13 දා) දිනයේ ද කි‍්‍රයාත්මක කරන බවත් ඒ සඳහා සහභාගිවීමට ජනතාවට පැමිණිය හැකි බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය. ඒ අනුව මෙම දිනයන්හි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිකුත්කර ඇති සෞඛ්‍ය උපදෙස් මාලාව බලරහිත වේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛi අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත්කර ඇති මැයි මස 31 වැනිදා දක්වා බලපැවැත්වෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ 17 වැනිදා පෙරවරු 4.00 සිට යළි කි‍්‍රයාත්මක වේ. ඒ අනුව දිනපතා රාතී‍්‍ර 11.00 සිට අලූයම 4.00 දක්වා සංචරණ සීමාවන් පනවා ඇත. එම සංචරණ සීමා යටතේ මෙම කාලය තුළ සංචරණය සඳහා අවසර හිමිවන්නේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණි.

මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ අත්‍යවශ්‍ය සේවාවන් හතක් සඳහන් කර ඇත.

සෞඛ්‍ය සේවා, පොලිසිය සහ ති‍්‍රවිධ හමුදාව, අත්‍යවශ්‍ය නිල සංචාර සඳහා රාජ්‍ය අංශයේ නිලධාරීන්, එළවළු, පලතුරු ප‍්‍රවාහනය ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් බෙදාහරින්නන්, අත්‍යවශ්‍ය සේවා සපයන්නන්, පවුලේ ආසන්නතම සාමාජිකයකුගේ අවමංගල්‍ය කටයුත්තක් සඳහා විදේශගතවීම, විදේශයක සිට පැමිණීම හෝ ආනයන, අපනයන කටයුතු සඳහා අවශ්‍ය සේවාවන්හි නිරතවීම යන අංශ අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර තිබේ.

මෙම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පළාත් අතර සංචරණයට අදාළ තහවුරු කිරීමේ බලපත‍්‍ර ඉදිරිපත් කිරීමෙන් පසු පළාත් අතර ගමන් කිරීමට අවසර හිමි වේ.

සුවිශේෂී අවස්ථාවන් හැර හුදෙකලා කරන ලද ප‍්‍රදේශවල පදිංචිව සිටින අත්‍යවශ්‍ය සේවාවල නිරතවන්නන් රාජකාරි සඳහා වාර්තා කිරීම අනුමත නොකෙරේ.

මැයි මස 31 වැනිදා දක්වා පෙරවරු 4.00 සිට රාති‍්‍ර 11.00 දක්වා කාලය තුළ අත්‍යවශ්‍ය සේවාවන් නොවන කටයුතු සඳහා දිනකට නිවසින් බැහැරට යා හැක්කේ එක් පුද්ගලයකුට පමණි.

එය තීරණය වන්නේ පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත, රියැදුරු බලපත‍්‍රය හෝ ගුවන් බලපත‍්‍රයේ ඇති අංකවල අවසාන ඉලක්කම මතය. එම අවසාන ඉලක්කම ඉරට්ටේ නම් (0,2,4,6,8) ඉරට්ටේ දිනක නිවසින් බැහැරව යා හැකිය. ඉලක්කම ඔත්තේ නම් (1, 3, 5, 7, 9) ඔත්තේ දිනක නිවසින් බැහැරට යා හැකිය.

බස්රථ සහ දුම්රියෙහි ආසන ගණනට මගීන් ප‍්‍රවාහනය කිරීමට අවසර ඇත.

කාර් සහ ති‍්‍රරෝද රථ සඳහා උපරිම මගී සංඛ්‍යාව දෙකකට සීමාවේ. වෙනත් වර්ගවල වාහන සඳහා එය ආසන ධාරිතාව දක්වා සීමාවේ.

විදුලිය, ජලය, විදුලි සංදේශ, ඉන්ධන පිරවුම්හල්, එල්. පී. ගෑස් ස්ථාන, මෝටර් රථ ගරාජ්, ටයර් සේවා, තැපෑල සහ කුරියර් සේවා අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සමග කටයුතු කිරීමට හැකිය.

රජයේ කාර්යාල සහ පෞද්ගලික අංශයේ කාර්යාල අවම කාර්ය මණ්ඩලයක් සමග සේවා කටයුතුවල යෙදීමටත් සෑමවිටම නිවසේ සිට වැඩ කිරීමට විකල්ප ලබාදීමත් කළ යුතුය.

ආයතනයේ සේවකයන් 10 ක් පමණක් උපරිම ලෙස සහභාගි කරගෙන රැුස්වීම් පැවැත්විය හැකිය.

වැඩමුළු, සම්මන්ත‍්‍රණ, සන්නාම දියත් කිරීම, දිවා සුරැුකුම් මධ්‍යස්ථාන, පෙර පාසල්, පාසල්, විශ්වවිද්‍යාල, උපකාරක පංති, ගෘහස්ථ හෝ නිවෙස්හි උත්සව සාද, පන්සල්, පල්ලි, කෝවිල් හි සාමූහික කි‍්‍රයාකාරකම් හෝ රැුස්වීම්, ව්‍යායාම ශාලා, ගෘහස්ථ කී‍්‍රඩා ශාලා, සිනමා ශාලා, ළමා උද්‍යාන, සැණකෙළි, සංගීත සංදර්ශන, වෙරළ තීර සාද, වෙරළ, පබ්, කැසිනෝ, රාති‍්‍ර සමාජශාලා, ඔට්ටු මධ්‍යස්ථාන, ස්පා, නැවත දැනුම් දෙනතුරු වසනු ඇත.

අපනයනය අරමුණු කරගත්, ඇඟලූම් කර්මාන්ත සහ කෘෂිකාර්මික නිෂ්පාදන ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛi නිලධාරීගේ පූර්ණ අධීක්‍ෂණය මත ජෛව ආරක්‍ෂිත බුබුල යටතේ කි‍්‍රයාත්මක විය යුතුය.

සුපිරි වෙළෙඳසල්, සාප්පු සංකීර්ණ, බැංකු, මූල්‍ය සමාගම්, උකස් මධ්‍යස්ථාන, රෙදිපිළි සාප්පු, සිල්ලර වෙළෙඳසල්, කඩ විවෘත වෙළෙඳපොළ, පොළවල් සහ ආර්ථික මධ්‍යස්ථාන, බේකරි, වීදි වෙළෙන්දන්, බාබර් සාප්පු, රූපලාවන්‍යාගාර, ගෘහ භාණ්ඩ, විදුලි උපකරණ, ඉදිකිරීමේ ද්‍රව්‍ය, වෙළෙඳසල්, රෙදි සේදීමේ ස්ථාන, මැහුම්කරුවන්, සහ ඇඳුම් මසන්නන්, සන්නිවේදන වෙළෙඳසල්, ඡුායා පිටපත් සාප්පු, හෝටල් විවේකාගාර ලබාදී ඇති උපදෙස් අනුව මුළු ධාරිතාවෙන් උපරිම 25% ගනුදෙනුකරුවන් ඇතුළත් කරගත හැකිය. කෘෂිකර්මාන්තය සාමාන්‍ය පරිදි කි‍්‍රයාත්මක විය හැකිය.

විවාහ ලියාපදිංචි කිරීම පමණක් ළඟම ඥාතීන් උපරිම 15 කගේ සහභාගිත්වයෙන් සිදුකළ හැකිය.

කොවිඞ් 19 ආසාදනය නොවූ මෘතදේහ සඳහා මෘතදේහය රෝහලෙන්, මරණ පරීක්‍ෂකගෙන් මුදාහැර පැය 24 ක් ඇතුළත අවමංගල උත්සවය පැවැත්විය යුතුය. වරකට සහභාගිවිය හැකි පුද්ගලයන් ගණන 15 කි.

බෝඩිං නිවාසවල නව පුද්ගලයන්ට නවාතැන් දිය නොහැකිය. රාජකාරි කටයුතු සඳහා පිට පළාත් වෙත ගොස් සිටින පුද්ගලයන්ට පොලිසියේ සහ ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාගේ අවසරය මත නවාතැන්හි රැුඳී සිටිය හැකිය.

උපාලි ද සේරම්

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles