Divaina - කාබනික පොහොර නිෂ්පාදකයන්ට පහසුකම් සැලසීමට රජය සුදානම් - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

gotta2නිරෝගිමත් පරපුරක් උදෙසා ජනතාවට වස විසෙන් තොර ආහාර වේලක් ලබා දෙනවා - ජනාධිපති විශේෂ නියෝජිත හා කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ

රසායනික පොහොර ආනයනය කළ සමාගම් කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කරන්නේ නම් ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කරයි.

‘දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ‍්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ’ සාමාජිකයන් සමග පෙරේදා (11 දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවේ දී ජනාධිපතිවරයා මේ කරුණු අනාවරණය කළේය.

කාබනික පොහොර භාවිතයට එළැඹීම නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් බවත් මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු බව ‘සෞභාග්‍යයේ දැක්ම’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් සඳහන් කළ බවත් එතුමා පවසයි. එලෙස ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් ක‍්‍රියාත්මක වීම රජයක වගකීමකි. කාබනික පොහොර භාවිතය ප‍්‍රචලිත කිරීමට මීට පෙර පැවැති රජයන් උත්සාහ කළද එය අඛණ්ඩව පවත්වාගෙන යෑමට නොහැකි විය. මෙය අභියෝගාත්මක ක‍්‍රියාවකි; අපහසුය, එනමුත් නිවැරදි ක‍්‍රමෝපාය හඳුනාගෙන රට වෙනුවෙන් කළ යුතු කාර්යයක් බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. කාබනික පොහොර භාවිතයේ දී අස්වැන්න අඩුවී ආදායමේ වෙනසක් වුවහොත් සහතික මිල ඉක්මවා වී මිලදී ගැනීමට රජය සූදානම් බවත් ගොවියා ඒ සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් පාරිභෝගිකයාට පවතින මිලට සහල් ලබාගත හැකි පරිදි වැය බර දැරීමට රජය සූදානම් බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

ත‍්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමේදී ඇතැම් සටන් පරාජය විය. අවසානයේ දී ත‍්‍රස්තවාදය පරාජය කර රට දිනවූවා සේ සියලූ අභියෝග ජය ගනිමින්, ජනතාවට වස විසෙන් තොර ආහාර වේලක් ලබා ගැනීමේ අයිතිය ලබාදීමට රජය සූදානම් බව ජනාධිපති විශේෂ නියෝජිත හා කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මෙම සාකච්ඡුාවට සහභාගී වෙමින් පැවසීය.

හැටේ දශකය ආරම්භයේ සිට රසායනික පොහොර භාවිතයට හුරු පුරුදුව ඇති මෙරට කෘෂිකර්මාන්තය කාබනික පොහොර භාවිතය වෙත යොමු කරවීම යුද්ධයෙන් රට බේරාගත්තා සේම ජනතාවට ලබාදෙන විශේෂ ජයග‍්‍රහණයක් බව මෙම හමුවට සහභාගී වූ ක්ෂේත‍්‍රයේ විශේෂඥයෝ පෙන්වා දුන්හ. ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා සහ දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ‍්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ සාමාජිකයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles