Divaina - වැටලීමේදී නිවස පිටුපස වළ දැමීමට උත්සහ කරද්දී දාහේ නෝට්ටු 815 ක් සමග සැකකරුවෙක් දැලේ

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

හේමන්ත රන්දුණු සහ දිනසේන රතුගමගේ

 

horanottu
 
 උතුරු පළාත කේන්ද්‍ර කරගෙන සිදු කළ මහා පරිමාණ ව්‍යාජ මුදල් නෝට්ටු බෙදාහැරීමේ ජාවාරමක සුලමුල හෙළිකර ගත් කිළිනොච්චිය පොලිසිය රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 815 ක් සමග සැකකරුවකු පෙරේදා (03 වැනිදා* අත්අඩංගුවට ගෙන ඇත.
 
 කිළිනොච්චිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂක ජීවහස්ත ඒ. සිරිසේන මහතාට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අදාළ මුදල් නෝට්ටු තොගය සිය නිවස පිටුපස වළ දැමීමට උත්සහ කරද්දී අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
 
 මෙම සැකකරු ගංජා ඇතුළු නීති විරෝධී භාණ්ඩ අලෙවි කිරීමේ යෙදෙන පුද්ගලයකු බව විමර්ශනවලින් හෙළිවී ඇත.
 
 මොහු තලේමන්නාරම ප‍්‍රදේශයේ පදිංචිකරුවකුවන අතර කිළිනොච්චියේ පිහිටි සිය මවගේ නිවසට පැමිණි අවස්ථාවේ මෙම ව්‍යාජ මුදල් නෝට්ටු තොගය සමග කොටුවී තිබේ.
 
 පොලිසිය සැකපහළ කරන්නේ උතුරු පළාතේ කිසියම් ස්ථානයක මෙම මුදල් නෝට්ටු මුද්‍රණය කරන බවයි.
 
 මෙම ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමට සම්බන්ධ සැකකරුට එරෙහි විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.
 
 උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, කළිනොච්චිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අසංක බණ්ඩාර, මහත්වරුන්ගේ උපදෙස්මත කිළිනොච්චිය මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජීවහස්ත ඒ සිරිසේන මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.
 
 

 

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles