Divaina - රුසියානු එන්නත් 15,000ක් ගුවනින් මෙරටට

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ගුවන්තොටුපොළ - ටී.කේ.ජී. කපිල

rusiyanu
 
 ශ‍්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වැළැක්වීම සඳහා රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් -5 එන්නත් 15,000 ක තොගයක් ඊයේ (04දා* අලූයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
 
 ශ‍්‍රී ලංකා රජය විසින් ලබා ගැනීම ස`දහා ඇණවුම් කර ඇති එන්නත් මෙරටට ලබා දීමට පෙර රුසියාව විසින් සාම්පලයක් ලෙස මෙම එන්නත තොගය එවන බවත් මේවා ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ විසින් පරිහරණය කරන ආකාරය, ඔවුන්ගේ හැකියාවන් සහ ධාරිතාවන් අධීක්ෂණය කිරීමෙන් පසුව පමණක් ඇණවුම් කළ එන්නත් තොගය මෙරටට ලබා දීමට නියමිත බවත් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
 
 මෙම එන්නත් සෙල්සියස් අංශක සෘණ 20 (-20ක්‍ඣී* උෂ්ණත්වයක් යටතේ සැමවිටම ගබඩා කර තැබිය යුතු අතර එන්නත් කුප්පි විවෘත කර පැය 02 ක් තුළ පුද්ගලයන් වෙත ලබා දිය යුතු වේ.
 
 ගුවන් තොටුපළ තුළ මෙම එන්නත් ගබඩා කර තබන ආකාරය, ඒවා කොළඹ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ මධ්‍යම ගබඩා තෙක් ප‍්‍රවාහනය කරන ආකාරය, එම ගබඩාවල මෙම එන්නත් සුරක්ෂිතව තබා ගන්නා ආකාරය, ඉන්පසුව මෙම එන්නත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාදේශීය රෝහල් වෙත රැුගෙන යන ආකාරය, එහිදී එම රෝහල්වල ගබඩා කර තබන ආකාරය යන ක‍්‍රියාවලිය නිසි පරිදි මෙරට තුළ ඉටු වේද යන්න අධීක්ෂණය කිරීමෙන් පසුව පමණක් රුසියාව මෙම ස්පුට්නික් -5 එන්නත් ශ‍්‍රී ලංකාවට ලබා දීමට නියමිත බව අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
 
 ශ‍්‍රී ලංකාව මෙම ස්පුට්නික් - 5 එන්නත් මාත‍්‍රා එක් කෝටි තිස් ලක්ෂයක් මිලදී ගැනීමට රුසියාවේ ගැමලියා ආයතනය වෙත ඇණවුම් කිරීම ස`දහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත කැබිනට් අනුමැතිය ලබා දී ඇති බවද රාජ්‍ය ඇමැතිවරිය අනාවරණය කළාය.
 
 මෙම එන්නත් තොගය ඊයේ අලූයම 1.15 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 1668 දරන භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැුගෙන පැමිණ තිබුණි.
 
 මෙම එන්නත් තොගය නිල වශයෙන් භාර ගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියේය.
 
 මෙම එන්නත් තොගය රාජ්‍ය ඖෂධ සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත රථ කීපයක් මගින් කටුනායක ගුවන් තොටුපළේ සිට ඔවුන්ගේ ගබඩා සංකීර්ණය වෙත ඊයේ රාත‍්‍රියේම රැුගෙන යෑම සිදු කෙරුණි.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles