Divaina - පූජිත්ට හේමසිරිට අධිචෝදනා 1728ක් - නඩු විභාගයට නීතිපති ති‍්‍රපුද්ගල විනිසුරු මඩුලූ 2 ක් ඉල්ලයි

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 4 1

මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල වන බවට නිසි බුද්ධි තොරතුරු ලැබී තිබියදී සහරාන් හෂීම් ප‍්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර වළක්වා ගැනීමට පියවර නොගැනීමෙන් රාජකාරි වගකීම් හා යුතුකම් ඉටුකිරීම පැහැරහැරීම ඇතුළු අධිචෝදනා 1728 ක් යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව පැවරීමට නියමිත නඩු විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණ ති‍්‍රපුද්ගල විනිසුරු ම`ඩුලූ දෙකක් පත් කරන ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ (03 දා) අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කළේය.

එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මිනිස් ඝාතන සිදු කිරීම, ඒ සඳහා සෘජුව හෝ වක‍්‍රව ආධාර අනුබල දීම ඇතුළු ලංකා දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ ගැනන ඉතා බරපතළ අධි චෝදනා ගොනු කර නඩු දෙකක් වෙන් වෙන්ව පවරනු ලබන බැවින් එකී අධි චෝදනාවල පවතින අතිශය සංකීර්ණභාවය ඇතුළු සුවිශේෂ කරුණු සලකා එලෙස ති‍්‍රපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු ම`ඩුලූ දෙකක් පත් කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයා ගෙන් ඉල්ලා ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය ‘දිවයින’ට ප‍්‍රකාශ කළාය.

2019 අපේ‍්‍රල් මස 21 වැනිදා (පාස්කු ඉරිදා) කොළඹ කොච්චිකඬේ ශාන්ත අන්තෝනි සේවස්ථානය ඇතුළු කතෝලික දේවස්ථාන හා සුප‍්‍රකට හෝටල් කිහිපයක් ඉලක්ක කර සිදු කෙරුණු එම මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාව වළක්වා ගැනීමට අපොහොසත් වීමෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඇතුළු ත‍්‍රස්තවාදීන්ට සෘජුව හෝ වක‍්‍රව අනුබල දීම, ඒ සඳහා කුමන්ත‍්‍රණය කිරීම ඇතුළු අධි චෝදනා යටතේ එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නඩු පවරනු ලබන බවට දැනුවත් කරමින් සහ අදාළ චෝදනා සම්බන්ධයෙන් තොරතුරු ප‍්‍රදර්ශනය කිරීම සඳහා අදාළ තොරතුරු මහාධිකරණයේ ප‍්‍රධාන ලේඛකාධිකාරිවරයා වෙත යැවීමට ද නීතිපතිවරයා ඊයේ පියවර ගෙන තිබිණි.

එම මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයට ගොදුරු වී විදේශිකයන් 40 කට අධික පිරිසක් ඇතුළු 274 දෙනකු මියගොස් තවත් 300 කට අධික පිරිසක් සම්පූර්ණයෙන් ආබාධිත තත්ත්වයට පත්ව තිබිණි.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එම තොරතුරු ලේඛනය ප‍්‍රදර්ශනය සඳහා මහාධිකරණ ප‍්‍රධාන රෙජිස්ටාර් වරයාවෙත යොමුකර ඇත.

ඒ. ජේ ඒ. අබේනායක

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles