Divaina - යතුරුපැදියකට වන අලි ප්‍රහාරයක්‌... ගම්වැදි වන අලි දෙදෙනෙක්‌ මහියංගන ගම්මුන් භීතියට පත්කරති...

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

මහියංගණ - රංජිත් කරුණාවිර

 

mahiyangana
 
 මහියංගණ මහවැලි ගඟේ රැඳී සිටින වන අලි දෙදෙනකු පෙරේදා (21 දා* සවස 5.00 ට පමණ මිනිපේ වේරගංතොට, පාලම හන්දිය, ගගේයාය ප‍්‍රදේශයෙන් ගම්මානය වෙත අනපේක්ෂිත මොහොතක කඩාවැදීම හේතුවෙන් ගම්වාසීන් මහත් ත‍්‍රාසයට හා භීතියට පත් වූයේය. මහියංගණ - මහනුවර මාර්ගයේ මහවැලි පාලම අසල නවතා තිබූ යතුරුපැදියකටද ප‍්‍රහාරයක් සිදුකර යළි මහවැලි ගඟට දිව ගියේය.
 
 වන අලි තර්ජන අධික වීම හේතුවෙන් මහියංගණ හා මිනිපේ ගොවි ජනපදයේ සාමාන්‍ය මිනිස් ජන ජිවිතය මේ වනවිට සම්පූර්ණයෙන්ම අවුල් වී ඇති බව ජනතාව මැසිවිලි නඟති. වසරකට අධික කාලයක් තිස්සේ දිවා කාලයේ මහියංගණ මහවැලි ගෙඟ් රැුඳී සිටින වන අලි රංචුවෙන් දෙදෙනකු මිනිපේ, පාලම හංදිය, ගගේයාය ප‍්‍රදේශයෙන් ගොඩබිමට පැමිණීමත් සමඟ ගම්වාසීන්ද නොසන්සුන් විය. දිවා කාලයේ මහවැලි ගෙඟ් රැුඳෙමින් රාත‍්‍රිය වන විට මහියංගණ නගරය හා අවට ගම්වලට හා හසලක, මිනිපේ ගොවි ජනපදයේ ගම්බිම්වලට පිවිසෙමින් සිටින වන අලි රංචුවක් මාස ගණනක සිට විශාල ලෙස දේපළ භවභෝග හානි කරමින් සිටිති.
 
 මහියංගණ හා මිනිපේ ගොවි ජනපදයේ උග‍්‍ර වන අලි තර්ජන සදහා ස්ථිර විසඳුම් ඉල්ලා ”වල්සපුගල” උපවාසයට සමගාමීව මහියංගණ නගර මධ්‍යයේ පැවැත්වෙන අඛණ්ඩ සත්‍යග‍්‍රහය අරඹා ඊයේ දිනට දින 37ක් ගතව ඇතත් මේ වනතුරු බලධාරින් ඊට සවන්දී නොමැත.

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles