Divaina - කටුවාපිටියේ පාගමන - ලේ තැවරුණු දේව ප්‍රතිමාව මුලින්ම ගෙනයයි

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 22 1කුරිරු අන්තවාදීන් විසින් එල්ල කරන ලද ත‍්‍රස්ත බෝම්බ ප‍්‍රහාරයෙන් මීගමුව කටුවාපිටිය දේවස්ථානය තුළ 2019 වසරේ පාස්කු දේව මෙහෙයට සහභාගිවී සිටියදී මියගිය බැතිමතුන් 115 දෙනා සිහි කිරීමේ විශේෂ දේව මෙහෙය කටුවාපිටිය දේවස්ථානයේදී අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ මූලිකත්වයෙන් ඊයේ (21 දා) සවස පැවැත්විණි.

එම දේව මෙහෙය ආරම්භයට පෙර මීගමුව මාරිස්ටෙලා විදුහල අසල සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා රදගුරුතුමන් කිතුනු පූජකවරුන්, කන්‍යා සොහොයුරින්ගේ මෙන්ම දස දහසක පමණ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් සිහි කිරීමේ පා ගමන අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

එම පාගමන ආරම්භයේ අන්තවාදී ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් කටුවාපිටිය දේවස්ථානයේදී මියගිය බැතිමතුන්ගෙන් විහිදී ගිය (ලේ වැකුණ) ලේවලින් නැහැවුණු ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ දේව ප‍්‍රතිමාව රැුගත් රිය ප‍්‍රථමයෙන් ගමන් ගත්තේය.

එම පා ගමනට අගරදගුරුතුමන්, රදගුරුවරුන්, පියවරුන් කන්‍යා සොහොයුරියන් එක්වූ අවස්ථාව සේයාරුවේ දැක්වේ.

මීගමුව සමූහ - විමල් කීර්ති, ඡායාරූපය- නිශාන් එස් ප‍්‍රියන්ත

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles