Divaina - සමාව දෙන්න ලෑස්තියි; ඒත් සත්‍ය දැනගත යුතුයි - පාස්කු ප්‍රහාරයේ ඇත්ත කතාව හෙළි නොවීම ලොකු ප්‍රශ්නයක් - කාදිනල්තුමා කියයි

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 22 2නෝමන් පලිහවඩන

පාස්කු ඉරුදින මහා මිනීමැරුම සිදුකිරීමට හේතුවත් ඒ ප‍්‍රහාරය පිටුපස සිටින පුද්ගලයනුත් රටට හෙළිදරව් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්, රජයේ අනෙකුත් ආයතනත් මේ වනතුරුත් අපොහොසත් වීම පිළිබඳව විශාල ප‍්‍රශ්නාර්ථයක් මතුවන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඊයේ (21 දා) උදේ දැඩි අවධාරණයෙන් යුතුව ප‍්‍රකාශ කළේය.

පාස්කු ප‍්‍රහාරයට වසර දෙකක් ගතවීම සිහි කරමින් කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුරේදී පැවති විශේෂ අනුස්මරණ යාඥාවේදී කාදිනල් හිමියෝ බව පැවසූහ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල්තුමා මෙසේ ද කියා සිටියහ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සිදු වූ 2019 අපේ‍්‍රල් 21 වැනිදා කිසිදා අමතක නොවන දිනයක් ලෙස ඉතිහාසගත වෙනවා.

මෙම ප‍්‍රහාරය පිළිබඳව සමාව දීමට අප සූදානම් වුවත් මෙම ප‍්‍රහාරයේ ඇත්ත හෙළිදරව් කර ගැනීම අප කාගේත් අයිතියක්. ඊට සමාව දීමට නම් වැරදිකරුවන් කවුරුන්ද ඔවුන් පසුතැවිලි වන්නේ ද, වරද පිළිගන්නේ ද යන්න අප දැනගත යුතුයි. මෙම මිනිස් ඝාතනය සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්‍ෂණයක් කිරීමට අදාළ බලධාරීන් කටයුතු කළ යුතුයි.

පාස්කු ඉරිදා සිදු කළ ප‍්‍රහාරවලට වසර දෙකක් ගත වී ඇතත් සිද්ධියට සම්බන්ධ වැරදිකරුවන් නිවැරදි කිරිමේ සම්ප‍්‍රදාය අප කිසිසේත් අනුමත කරන්නේ නෑ යැයි ද අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා එහිදී වැඩිදුරටත් අවධාරණය කළහ.

මෙම උත්සවයට ශුද්ධ වූ ප‍්‍රැන්සිස් පාප් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ විශේෂ නියෝජිතයා ලෙසින් සහභාගි වූ ශී‍්‍ර ලංකාවේ අපෝස්තලික තානාපති අගරදගුරු බ‍්‍රයින් ඔඩයියෝ ඇතුළු නියෝජිතයන්, ශී‍්‍ර ලංකාවේ විවිධ රටවල තානාපතිවරුන්, ශී‍්‍ර ලංකාවේ රදගුරු මණ්ඩලයේ රදගුරුවරුන් මෙන්ම පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමියන් ප‍්‍රමුඛ දොළොස් නමකින් යුත් මහා සංඝරත්නය, ඉස්ලාම් සහ හින්දු ආගමික නායකයන් ද මෙහි පැමිණීම ඉතා විශේෂ අවස්ථාවක් විය.

ඊයේ උදේ 8.45 ට දෙව්මැඳුරේ සීනුව නාද දුන් අතර මළවුන් වෙනුවෙන් සීනු හඬ සියලූම දෙව්මැඳුරුවල නාද කෙරිණි.

මෙම උත්සවය ඇමතූ කාදිනල්තුමා මෙසේ ද පැවසූහ.

කි‍්‍රස්තුස් වහන්සේ දෙසූ වදන් අනුව කටයුතු කරන අපට පළිගැනීමේ චේතනාවක් නැහැ. ඒත් වැරදිකරුවන් කවුද කියා අපට හෙළි කළ යුතුයි. සත්‍ය යටපත් වී තිබෙනවා.

වැරදිකරුවන් කවුද කියාත් මෙම කුමන්ත‍්‍රණය පිළිබඳවත් හෙළි කළ යුතුයි. මේ පිළිබඳව කරුණු විමසීමට අපිට සාධාරණ අයිතියක් තිබෙනවා. ඔවුන් වරද පිළිගෙන මෙම සිද්ධිය හෙළි කළොත් අපි ඊට සමාව දීමට සූදානම්. මෙම කි‍්‍රයාදාමය පිටුපස සිටින උදවිය අප සොයා ගත යුතුයි. මෙය මුළු රටට බලා සිටිනවා.

මෙම කුරිරු මිනීමැරුම පිළිබඳව එදා ආණ්ඩුවත් අද ආණ්ඩුවත් ලිස්සා යන සුළු කි‍්‍රයා කලාපයක් තිබෙනවා.

මෙහි පසුපස දේශපාලනයක් තිබෙනවා.

පාර්ලිමේන්තුවේ පවා මේ පිළිබඳව වාද විවාද ඇති වෙනවා. ඉහළම තනතුරු දරන අය ගැනත් ්එම විවාද තුළින් කතාබහට එනවා.

සාධාරණ, සත්‍යතාවය වෙනුවෙන් නඟන හඬට මේ රටේ බෞද්ධ ජනතාව මෙන්ම මහා සංඝරත්නයට මෙන්ම සියලූම ආගමික නායකයන්ට අපි ස්තුති කරනවා. සත්‍ය සාධාරණය වෙනුවෙන් නඟන හඬ අපි ඉදිරියටම ගෙනි යනවා.

මේ අතර පාස්කු ඉරිදා ප‍්‍රහාරය වෙනුවෙන් විශාරද නන්දා මාලිනි විසින් ඊයේ විශේෂ ගීතයක් ගායනා කරන ලදී. මෙම ගීය රචනා කළ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ද සංගිතය සැපයූ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා ද මෙම උත්සවයට සහභාගි වූහ.

2019 අපේ‍්‍රල් 21 වැනිදා සිදු වූ ප‍්‍රහාරයෙන් විපතට පත් පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් මෙන්ම එම ප‍්‍රහාරවලින් විවිධ ආබාධවලට ලක්වූ පුද්ගලයෝ ද මෙම විශේෂ උත්සවයට සහභාගි වූහ. ඉස්ලාම් ආගමික නායක හසාන් මවුලවිතුමා ද හින්දු ආගමික නායක සිවාසුරේෂ් දේවගැතිවරයා ද මෙහිදී කතා කළහ. මෙම විශේෂ උත්සවයෙන් පසු දිව්‍ය පූජාව පැවැත්වූ අතර මෙම සිද්ධිය වාර්තා කිරීම සඳහා දෙස් විදෙස් මාධ්‍යවේදීහු සියයක් පමණ දෙනා සහභාගි වූහ.

මෙම උත්සවයේ විශේෂ සිද්ධියක් වූයේ පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමියන් ප‍්‍රමුඛ පැමිණි සිටි මහා සංඝරත්නය පාස්කු ප‍්‍රහාරයෙන් දිවිපි¥ පිරිස වෙනුවෙන් විනාඩි පහක පමණ කාලයක් පින් අනුමෝදන් කිරීමයි. මෙහිදී පාස්කු ඉරිදා ප‍්‍රහාරයේදී කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඉතා සාමකාමී වාතාවරණයක් ඇති කිරීමට මුල්වීම නිසා මුස්ලිම් ජනතාව වෙනුවෙන් මවුලවිතුමා කාදිනල්තුමාට විශේෂ පළඳනාවක් පිළිගැන්නූවේය. කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුර ආසන්නයේ අතුරු මාර්ග සියල්ලම ඊයේ වසා තිබූ අතර විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක විය.

මළවුන් වෙනුවෙන් මෙදින විනාඩි දෙකක කාලයක් නිහඬතාවය සිදු කෙරිණි.

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles