Divaina - පහන් දල්වා සීනු නාදකර පාස්කු ප‍්‍රහාරයෙන් මියගිය අය සමරති

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p22 2පාස්කු ප‍්‍රහාරය සිදු වී අදට දෙවසරක් සපිරීම නිමිත්තෙන් පුත්තලම් දිස්ත‍්‍රික්කයේ කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන් හා සැමරුම් වැඩසටහන් සංවිධානය කර තිබුණි.

දේවස්ථානවල පහන් දල්වා සීනු නාදකර විනාඩි 2 ක නිහඬතාවක් සිදුකර පාස්කු ප‍්‍රහාරයෙන් මියගිය අය සිහි කළහ.

වෙන්නප්පුව ශුද්ධ වූ මුනිඳුන්ගේ දේවස්ථානයේ පාස්කු සැමරුම් දේව මෙහෙය පැවැත්වූයේ මීසම් භාර ඇන්ටනී රංජිත් ප‍්‍රනාන්දු පියතුමාගේ මූලිකත්වයෙනි.

දේව මෙහෙය පැවැත්වීමෙන් අනතුරුව එයට සහභාගි වූ පිරිස් දේවස්ථානය ඉදිරිපිටට පැමිණ පෝස්ටර් සහ බැනර් ප‍්‍රදර්ශනය කරමින් පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමින් නිහඩ විරෝධතාවයක් පැවැත්වූහ.

අමරනන්ද විජේසේකර - මහවැව
 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles