Divaina - ජල මීටර් සොරකමට අත්අඩංගුවට ගත් දැරණියගල සභාපති රිමාන්ඩ්

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

daraniyagalaදැරණියගල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ලක්ෂ්මන් රාජකරුණා මහතා අද (19දා) දක්වා රක්ෂිත  අවිස්සාවේල්ල වැඩ බලන මහෙස්ත‍්‍රාත් බී. එස්. රත්නායක මහතා  ඉකුත් 17 වැනිදා නියෝග කළේය. ජල සම්පාදන මණ්ඩලයට අයත් ජල මීටර 98ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් පොදු දේපල පනත යටතේ දැරණියගල පොලිසිය මගින් පසුගිය 16දා දෙහි ඕවිට ප‍්‍රදේශයේදී සභාපතිවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

2021 මාර්තු මස 30දා ජල සම්පාදන මණ්ඩලයේ දැරණියගල, මියනවිට ප‍්‍රදේශයේ ජල මීටර් 477 ක් හා පේරු වෑල් 540 ක් අතුරුදන්වීමක් පිළිබ`දව ජල සම්පාදන මණ්ඩලයේ එම ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවරයා විසින් දැරණියගල පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව පොලිසිය සිදු කළ වැඩිදුර විමර්ශනවලදී මෙම ජල මීටර් හා පේරු වැයල් සොරකම සම්බන්ධයෙන් එම ව්‍යාපෘතියේ රියදුරකු හා ගබඩා පාලකවරයකු ද මීට ඉහතදී අත්ඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගෙන්් ප‍්‍රශ්න කිරීමේදී එම ජල මීටර් හා වැයල් දැරණියගල නගරයේ යකඩ බඩු එකතු කරන වෙළෙ`දුන් දෙදෙනකුට අලෙවි කර ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත. එම වෙළෙ`දුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර ප‍්‍රශ්න කිරීමේදී ඒවා

කිරිබත්ගොඩ හා කොස්ගහකන්ද ප‍්‍රදේශවල සරණේරු සාදන ස්ථාන වෙත විකුණා ඇති බවට ද පොලිසිය හෙළි කරගෙන ඇත.

දැරණියගල පොලිසියට ලැබුණු තොරතුරක් මත දැරණියගල ලස්සේගම ප‍්‍රදේශයේ පිහිටි සභාපතිවරයාගේ සහෝදරයකුගේ නිවසට පොලිස් කණ්ඩායමක් ගොස්  ගෙහිමි කාන්තාවගෙන් ප‍්‍රශ්න කිරීමේදී ලස්සේගම ප‍්‍රදේශයේ සභාපතිවරයාගේ මවගේ නිවසට එම උපකරණ ගෙන ගොස් ඇති බව හෙළි වී ඇත. පොලිසිය අදාළ නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී පෙට්ටිවල අසුරා තිබූ ජල මීටර් 98 ක් සොයා ගෙන ඇත. ඒ අනුව සභාපතිවරයා අත්අඩංගුවට ගෙන මෙසේ අධිකරණයට ඉදිරිපත් කර තිබේ. මේ වනවිට මියනවිට ජල ව්‍යාපෘතියේ රියදුරකු හා ගබඩා පාලකවරයාද, එම සොරකම් කළ භාණ්ඩ මිල දී ගත් වෙළෙ`දුන් දෙදෙනකු ද ඇතුළුව 5 දෙනෙක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරව සිටිති. සභාපතිවරයා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කොට පත්ව සිටී. දැරණියගල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත අලහකෝන්, උප පොලිස් පරීක්ෂකවරුන් වන ජයතිස්ස, චන්ද්‍රසේන, පොලිස් සැරයන් (57066* නිශාන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් විමර්ශන කටයුතු ස`දහා සහභාගී වූහ.

වසන්ත සමරවර්ධන - බුලත්කොහුපිටිය සහ දැරණියගල සෝමචන්ද්‍ර යකන්දාවල

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles