Divaina - අගමැති නැකතට හිසතෙල් ගල්වයි....

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mahinda2සිංහල දෙමළ අලූත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත් චාරිත‍්‍රය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති නිල නිවසේ සිට ඉටු කළේය.
 
 ඉකුත් 17 වැනිදා පෙරවරුවේ පූර්වභාග 7.16ට දකුණු දිශාව බලා හිසට නුගපත් ද, පයට කරඳ පත් ද තබා නිල් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී නුගපත් යුෂ මිශ‍්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මෙවර සිංහල දෙමළ අලූත් අවුරුද්දේ හිස තෙල් ගෑමට යෙදී තිබූ නැකත් චාරිත‍්‍රයයි.
 
 පළමුව බුද්ධ මන්දිරයට ගොස් මල් පහන් පූජා කළ අග‍්‍රාමාත්‍යවරයා අනතුරුව හිසතෙල් ගෑමේ නැකත් චාරිත‍්‍රයට එක් විය.
 
 ඓතිහාසික මාදන්වල රජමහා විහාරාධිපති විශ්වීය බෞද්ධ හික්ෂු සම්මේලනයේ භාණ්ඩාගාරික රාජකීය පණ්ඩිත ශාස්ත‍්‍රපති වැල්ලගිරිය සුමංගල නාහිමියෝ අග‍්‍රාමාත්‍යවරයාගේ හිසෙහි නැකතට තෙල් ගල්වා ආශිර්වාද එක් කළහ.
 
 සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ කිරිඔරුවේ ධීරානන්ද නාහිමියෝ ද මෙහි වැඩම කළහ.
 
 මෙම අවස්ථාවට අග‍්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා සහ පවුලේ සාමාජිකයෝ පිරිසක් එක්වූහ.
 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles