Divaina - 'හුස්‌ම ගන්නා තුරු' නැකතට පැළයක්‌

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

husmaganna500
 
 පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් උපාලි සමූහ ව්‍යාපාරයේ සභාපති ලක්මණි ආර්. වෙල්ගම මහත්මියට ප‍්‍රථම පැළය ප‍්‍රදානය කළ අයුරු. සමූහ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් වෙල්ගම සහ අධ්‍යක්‍ෂ ධම්මික ආටිගල යන මහත්වරුද ඡායාරූපයේ වෙති. ඡායාරූපය - සුජාතා ජයරත්න
 
 
 පරිසර අමාත්‍යාංශයේ සංකල්පයක් අනුව ක‍්‍රියාවට නැගෙන ‘හුස්ම ගන්නාතුරු, නැකතට පැළයක්’ නම් අවුරුදු නැකතට පැළ සිටුවීමේ රුක් රෝපණ ජාතික වැඩසටහන සංකේතවත් කරමින් උපාලි පුවත්පත් සමාගමට පැළ ලබාදීම ඊයේ (08දා* පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් උපාලි සමූහ ව්‍යාපාර පරිශ‍්‍රයේදී පැවැත්විණි.
 
 මෙහිදී අමාත්‍ය අමරවීර මහතා විසින් උපාලි සමූහ ව්‍යාපාරයේ සභාපතිනිය ලක්මණි ආර්. වෙල්ගම මහත්මිය වෙත දෙහි පැළයක් ප‍්‍රදානය කරමින් වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කළේය. උපාලි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් වෙල්ගම මහතා ඇතුළු කළමනාකාරිත්වය හා සියලූ සේවක මණ්ඩලය වෙතද මෙහිදී ඇමැතිවරයා අතින් පැළයක් බැගින් ප‍්‍රදානය කරන ලදී.
 
 මෙම අවස්ථාවට උපාලි සමූහ ව්‍යාපාර ප‍්‍රවර්ධන අධ්‍යක්ෂිකා කරිෂ්මා වෙල්ගම මෙනවිය, එම ආයතනික අධ්‍යක්ෂ ළහිරු ගුණසේකර, එම අධ්‍යක්ෂ ධම්මික ආටිගල, උපාලි පුවත්පත් සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂ ලක්ෂ්මන් පෙරේරා, සිලෝන් චොකලට් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී පී. කේ. ඞී. එස්. සමන්ත, එම සාමාන්‍යධිකාරී ඉන්දික රණසිංහ, දිනපතා දිවයින ප‍්‍රධාන කර්තෘ වසන්ත ලියනගේ, එම නියෝජ්‍ය කර්තෘ හේමන්ත රන්දුණු, එම විශේෂාංග සහ පරිසර කර්තෘ ජගත් කණහැරආරච්චි, දැන්වීම් සාමාන්‍යධිකාරී ධනංජය විතානගේ, පිරිස් කළමනාකාරිනී මැටිල්ඩා ගුණසේකර, විදුසර කර්තෘ රාජේන්ද්‍ර කුලසිංහ, සුජය කර්තෘ කෝකිලා වෙත්තසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු සේවක මණ්ඩලය සහභාගී වූහ.
 
 අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ලක්මණි ආර්. වෙල්ගම මහත්මියට ප‍්‍රථම පැළය ප‍්‍රදානය කරන අයුරු ඡුායාරූපයේ දැක්වේ. නිමල් වෙල්ගම සහ ධම්මික ආටිගල යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles