Divaina - කෑගල්ලේ කමිටුවකින් යකාගේ තීන්දුවක්... කුඹුක් ගස් පනහක් කැපීම මහ සඟරුවනගේ විරෝධයෙන් නවතී

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

නවසර ඉදිකිරීම් ඉවත් කළොත් දේශපාලනෙන් බලපෑම් එනවා - මහ දිසාපති
 
 kumbuk500
 
 කෑගල්ල - ඵම්. බී. පහළවත්ත
 
 කෑගල්ල වැලිමන්නාතොට කුඩා ඔයේ දෙපස ඇති කුඹුක් ගස් පනහක් කැපීමට ප‍්‍රදේශයේ මහ සඟරුවන විසින් විරෝධය පළකිරීම නිසා ඵය තාවකාලිකව නවතා දැමීමට කෑගල්ල මහ දිසාපතිවරයාට සිදුවී ඇත.
 
 වැලිමන්නාතොට අශෝකාරාම විහාරාධිපති පුජ්ජබෝගල සිරිසුමන නායක හිමියන් ඇතුළු මාතලේ රතනසාර, උඩවෙල විනීත, ඇකිරියගල සුමණ මෛත‍්‍රී යන හිමිවරු මේ සඳහා සහභාගි වී ඇත.
 
ඇළ දෑලේ පවතින මෙම කුඹුක් ගස් කැපීම නිසා ජල මූලාශ‍්‍ර විනාශ වීමත්, ඇළ සීඳීයෑමත් නිසා මෙම කුඩා ඔයේ ජලය පාවිච්චි කරන්නන්ට ජලය නොමැති වීමෙන් මහත් අපහසුතාවට පත්වන බවත්, වගාවන්ට ජලය ලබා ගැනීමට නොහැකි වන බවත්, මේනිසා පරිසරය විනාශ වන බවත් පවසා ගස් කැපීම නතර කරන ලෙසට දැනුවත් කරන ලදී.

 

kumbuk1
 
 නගරයේ ජල ගැලීම් මේ ගස් නිසා සිදු නොවන බවද, ඇළේ පිරී ඇති පස් ගල් ඉවත් කිරීමටත්, ඇළේ ගල්බැමි බැඳ ඇළ කුඩාකර ඇති නිසා ඒවා ඉවත් කරලීම සිදු කිරීමත්, ඇළ දෙපස ඇති අනවසර ගොඩනැඟිලි ඉවත් කිරීමෙන් වැසි කාලයට එකතුවන ජලයට නිදහසේ ගලායෑමට පහසුවන බවත් මෙම කුඹුක් ගස් කැපීම නතර කරන ලෙසත් ඵම භික්ෂුන් වහන්සේලා තවදුරටත් ඉල්ලා ඇත.
 
 මේ සම්බන්ධව කෑගල්ල මහ දිසාපති මහින්ද ඵස්. වීරසූරිය මහතාගෙන් වීමසීමේ දී පවසා සිටියේ, ගස් කැපීම නතර කළා. පසුගියදා පැවැති මහ වැසිවලදී කෑගල්ල නගරය ජලයෙන් යටවුණා. මේකට විසඳුමක් සෙවීම සඳහා කමිටුවක් පත්කළා. ඔවුන් ක්ෂේත‍්‍ර පරීක්ෂණයක් කර ඇළේ ජලය බැස යෑමට අවහිර වන ගස් පණහක් අයින් කරන්න නිර්දේශ කර තිබුණා. ඒ අනුව රජයේ දැව සංස්ථාවට දන්වා ගස් ඉවත් කිරීමට කටයුතූ කළා. අනවසර ඉදිකිරීම් තිබෙනවා. ඒවා අයින් කළොත් ඒ අයට පදිංචියට තැනක් දෙන්න ඕනෑ. දැනට මුදලක් වියදම් නොකර කරන්න තිබුණේ ඵපමණයි.
 
 වැඩක් කරන්න ගියාම කරන්න දෙන්නේ නෑ. ඊළඟ ගංවතුර ඇවිල්ලා නගරය යටවුණාම අපිට කරන්න දෙයක් නෑ. අනවසර ඒවා කඩන්න ගියාම ඒ අය එකතු වෙලා දේශපාලන පැත්තෙන්
 
 ගිහිල්ලා බලපෑම් කරනවා. ඉතින් කාට කියන්නද... මේවා’’ යයි පැවසීය.

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles