Divaina - විදුහල්පති ප්‍රශ්න හමුවේ ගොළුවෙද්දී... මූදුකටුව සුමනධම්ම විදුහලේ සිසු දරුවන්ගේ ඔක්‌සිජනුත් හමාරයි

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

viduhalpathi500new
 
 නාත්තන්ඩිය රෙක්ස් හැරිසන්
 
 මාරවිල, මුදුකටුව සුමනධම්ම මහා විදුහල් ක‍්‍රීඩාපිටිය වටා තිබූ සියලූම වටිනා ගස් ඉකුත් 3 වන සෙනසුරාදා කපා බිම හෙළීම පිළිබඳව ප‍්‍රදේශවාසීහු, දෙමාපියෝ පාසල් අධ්‍යාපන සංගම් සහ ඇතැම් අධ්‍යාපන බලධාරීහු ද විමතියට පත්ව සිටිති.
 
 දරුවන්ගේ ඉගෙනීමට, ක‍්‍රීඩාවට සෙවණ දුන් කොහොඹ ගස් 8 ක්, හල්මිල්ල 4 ක්, කොට්ටන් ගස් 2 ක්, අඹ ගස් 2 ක්, පොල් ගස් 6 ක් හා කොස් ගසක් ඇතුළු ගස් 25ක් පමණ නිසි අවසරයකින් තොරව බලධාරීන් නොදැනුවත්ව කපා පාසලට හා අවට පරිසරයට මහා විනාශයක් සිදු කර ඇතැයි එහි ආදි ශිෂ්‍ය සංගමයේ උප සභාපති තුෂාර හේරත් මහතා පැවසීය. තාප්පයක් ඉදි කරන මුවාවෙන් සිදුකර ඇති මෙම හානිය ජනාධිපතිතුමාට මඩ ගැසීමේ අරමුණින් පරිසරය රැුකීමට එරෙහිව ගත් පියවරක් බවද ප‍්‍රදේශවාසීහු පෙන්වා දෙති.
 
 මෙහි විදුහල්පතිවරයා සිද්ධිය පිළිබඳව නිසි පිළිතුරක් නොදී තමන්ට ඒ සඳහා අනුමැතියක් ලැබී ඇති බව පමණක් පවසමින් මෙම විනාශය පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව ද පාසලට සම්බන්ධ ඇතැම් සමිති නිලධාරීහු පවසති.
 
 මේ පිළිබඳව කමිටු නිලධාරීන් දෙමාපියන් පිරිසක් හලාවත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගෙන් සහ නාත්තන්ඩිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගෙන් විමසීම් කර ඇති අතර ඔවුන් ඒ ගැන දැනුවත් වී නැතැයි පැවසූ බව ආදි ශිෂ්‍ය සංගමයේ උප සභාපති තුෂාර හේරත් මහතා කීය.
 
 මේ අතර කපන ලද පොල් ගස් 6 ක් එදිනම රු.2000 බැගින් විකුණා ඇතැයිද වාර්තාවේ. මේ දිනවල සිදුවන වන විනාශය හා පරිසර ගැටලූ හමුවේ මෙම සිදු වීම නොසලකා හැරිය නොහැකි බවට ප‍්‍රදේශවාසීහු අදහස් දක්වති. මාරවිල පොලිසියට මේ පිළිබඳව ලද තොරතුරක් මත කපන ලද ගස් ගෙනයෑමට තාවකාලිකව තහනමක් පනවා, විශේෂ පරීක්ෂණයක් සිදු කරන බව මාරවිල පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය.

 


 


 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles