Divaina - ත‍්‍රස්තවාදීන් නිසා ජීවිත අහිමි වූ අය ගැන ‘මානව හිමිකම් පිරිස්’ කතා කරන්නේ නෑ

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

jayaraj500
 

jayaraj1 ”ත‍්‍රස්තවාදය මොන නාමයෙන් ආවත් එය අවසන් කරන්න රටේ පක්ෂ විපක්ෂ සියලූම දේශපාලන නායකයින් එකට එකතුවෙලා අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි’’ යැයි ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඞ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.
 
 ඇමැතිවරිය මේ බව සඳහන් කළේ වැලිවේරිය ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ ස්මාරකය අබියස පැවැති හිටපු ඇමැති ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතාගේ 13 වැනි ගුණානුස්මරණ අවස්ථාවට එක්වෙමිනි. රටේ පවතින ‘කොවිඞ් 19’ තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම ගුණසැමරුම ඉතා චාම් අයුරින් පැවැත්වුණි.
 
 වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරිය මෙසේද සඳහන් කළාය. මානව හිමිකම් පිළිබඳව කතා කරන පිරිස් දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාවයට ත‍්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටිනවා. නමුත් තමන්ට සිදු වූ අසාධාරණය, අවනීතිය වෙනුවෙන් ඒ අවනඩුව කියන්න කෙනෙක් නැහැ. උසාවියේ නඩුව විභාග වන නමුත් එහි තීරණය කුමක්වුවත් තමන්ට අහිමි වුණු තමන්ගෙන් උදුරාගනු ලැබූ ජීවිත නැවත ලැබෙන්නේ නැහැ. මට වගේම ත‍්‍රස්තවාදය නිසා තමන්ගේ ස්වාමිපුරුෂයා, දරුවෝ, ඥාතීන් අහිමි වුණු පිරිස් ගණනාවක් සිටිනවා. නමුත් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න එවැනි මානව හිමිකම් කතා කරන පිරිස් ඉදිරිපත් නොවීම පිළිබඳව කනගාටු වෙනවා.
 
 මෙම අවස්ථාවට මහා සංඝරත්නය, කතෝලික පූජකතුමන් ඇතුළු ආගමික නායකයින් සමග හිටපු ඇමැතිවරයකු වූ ඩුලිප් විජේසේකර, ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතාගේ පුතු භානුක ප‍්‍රනාන්දුපුල්ලේ යන මහත්වරු සහ පවුලේ ඥාතීන්, හිතවතුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles