බඩල්කුඹුර - රවිඳු ගුණතිලක
වැල්ලවාය නගරයේ හතරමං හංදිය - ඇල්ල මාර්ගයට මුහුණලා පිහිටි රන් ආභරණ වෙළෙඳ සැලකට පෙරේදා (06 දා* උදේ යතුරුපැදියකින් පැමිණි තරුණයන් දෙදෙනකු රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා රන් ආභරණ ඇසුරුමක් රැගෙන පළාගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි මෙම තරුණයන් දෙදෙනාගෙන් පසු පැදිකරුවූ තරුණයකු රන් ආභරණ වෙළෙඳසැලට ගොස් රන් මාලයක් මිලදී ගැනීමට අවශ්‍ය යැයි පැවසීමෙන් අනතුරුව රන් අභාරණ වෙළෙඳ සැලේ සේවකයකු රන්මාල අඩංගු ඇසුරුමක් ගෙන අවශ්‍ය රන් මාලයක් තෝරා ගන්නා ලෙස පවසා ඇත. තරුණයා රන්මාල සහිත ඇසුරුම එකවරම රැුගෙන ඉදිරිපස තිබූ යතුරුපැදියේ නැගී පැදිකරු සම පළාගොස් ඇත. කොල්ලය සිදුකළ තරුණයන් දෙදෙනා සහ යතුරුපැදිය සී.සී.ටී.වී කැමරා දර්ශනවල සඳහන්වී තිබේ. සිද්ධිය පිළිබඳව මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල හේරත් මහතාගේ උපදෙස් පිට වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ටී. එම්. රත්නායක මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.