කන්තලේ - ඩබ්. එම්. වික්රමසිංහ
තඹලගමුව, ගල්මැටියාව, ගල්පොකුණ රාජමහා විහාරස්ථානයට හා ගම්වාසීන්ට දැඩි හිරිහැරයක් හා කරදරයක්ව පැවැති දළ ඇතා මේ වනවිට කිලෝ මීටර් 20 ක් පමණ ඈත මොරවැව පැත්තට පළවා හැරිය බව කන්තලේ වන ජීවිය ඊයේ (6 දා) පැවසීය.
දළ ඇතාගෙන් ගමට හානියක් වනවාසේම මස් වැද්දන්ගේ ඉලක්කයක් ද වන නිසාවෙන් ප්රදේශයෙන් ආරක්ෂිත ස්ථානයකට පලවා හරින ලෙසට විහාරාධිපති හිමියන් හා ගම්වාසීන් කරන දැවැන්ත උද්ඝෝෂණයකින් පසු දින 7 ක් තුළ සතා පලවා හරින බවට වනජීවිය හා ආරක්ෂක අංශ විසින් දෙන ලද පොරොන්දුවක් අනුව මෙම මෙහෙයුම සිදුකර තිබිණි. ඉකුත් දින තුන හතර තුළම තමන් ප්රදේශයේ දිවා රාත්රි මෙහෙයුම් කළද ඇතා දක්නට නොලැබුණු බවත්, ඉදිරි දින කිහිපය තුළත් තමන් මේ පිළිබඳව විමසිල්ලෙන් සිටින හෙයින් ප්රදේශවාසීන් අවිශ්වාසයක් ඇති කරගතයුතු නැති බවත් වනජීවි නිලධාරීහු අප සමග පැවසූහ.