Divaina - කසාවතින් හා සුදුවතින් ආලෝකවත් වී කූරගලින් යළි සාදුනද ගිගුම් දුන් අසිරිමත් මොහොත

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p13 30 2බොහෝ කාලයක් කූරගල යන නම ඇසූ පමණින් ඉස්ලාම් ජාතික බැතිමතුන්ගේ පුදබිමක් ලෙසට හැඟුණත් එය බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා පරිහරණය කළ සුන්දර සෙනසුනක් සහ තපෝවනයක් ලෙස දැනගැනීමට ජනතාවට හැකි වූයේ කූරගල පුදබිම ප‍්‍රතිනිර්මාණය කිරීමේ මහා පුණ්‍ය මහෝත්සවය පැවති ඉකුත් (28 දා* පුන් පෝදාය.

බළන්ගොඩ තන්ජන්තැන්න ග‍්‍රාමනිලධාරි වසමට අයත් පර්වතයක් ආකාරයෙන් දිස්වෙන කූරගල හා හිටුවන්ගල කඳු ශිඛර ප‍්‍රධාන කොටගෙන කි‍්‍රස්තු පූර්ව 2-3 සියවස්වලදී එනම් මීට වසර 2300කට පමණ පෙර භාවනානුයෝගී භික්‍ෂූන් වහන්සේලා මෙහි වැඩසිටි බවට බොහෝ සාධක ඇත. මෙම තපෝවනය තුළ කටාරම් රහිත ලෙන්, කටාරම් හා පූර්ව බ‍්‍රාහ්මී අක්‍ෂර සහිත ලිපි සහිත ලෙන්ද දැක ගැනීමට හැකිය. මෙම පින්බිම තුළ පුරාවිiා කැණීමකින් වසර 16000කට පමණ පෙර ආදි බළන්ගොඩ මානවයා දිවි ගෙවා ඇති බවටද තොරතුරු ලැබී ඇත.

ගහකොළ සතා සිව්පාවන්ගෙන් පිරි රමණීය බිම් පෙදෙස කසාවතින් බබළවන්නටත් දස දහස් ගණනක් සුදුවතින් සැරසුණු උවසු උවැසියන්ගෙන් පුරවා ලන්නට මග පාදා ඇත්තේ නෙල්ලිගල ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිපති වතුරුකුඹුරේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ (නෙල්ලිගල හාමුදුරුවන්ගේ* මැදිහත් වීම නිසාය.

මෙදින අෂ්ඨාංග උපෝසථ ශීලය සමාදන් වීම සඳහා උදෑසන 7.00 පමණ වන විට හාරදහසකට අධික සැදැහැවත්හු පිරිසක් පැමිණ සිටියහ. මෙදින කූරගල ගල මත්තේ ඉදිවන අඩි 100ක් පමණ උසින් යුත් ශාක්‍ය සුගත මහා සෑයේ ඉදිකිරීම සඳහා පහළ කොටසේ තිබූ ගඩොල් ගෙනයෑම සැදැහැවතුන් විසින් වෙහෙස නොබලා සිදු කරන ලදී.

පෙරවරු ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡුාව පූජනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලදී. පැමිණ සිටි පිරිසගේ පහසුව සඳහා ජලය, වැසිකිළි පහසුකම් මෙන්ම ආහාර පාන සැපයීමට ද වැඩපිළිවෙළක් යොදා තිබුණි. බොහෝ රාජ්‍ය නොවන සංවිධාන වතුර බෝතල්, තැඹිලි, කඩල, පාන්, මඤ්ඤොක්කා, බත් දන්සල් පැවැත්විය.

පොලිසිය මගින් වාහන හැසිරවීමේ වැඩපිළිවෙළක් යොදා තිබුණු අතර බළන්ගොඩ සහ ආසන්න පොලිස් ස්ථානවලින් නිලධාරීන් විශාල පිරිසක් කැඳවා තිබුණි. ආරක්‍ෂාව සහ පහසුකම් සැලසීමේ කටයුතු සඳහා යුද හමුදාව ඇතුළු සිවිල් ආරක්‍ෂක බළකා සාමාජිකයෝ එක්ව සිටියහ.

ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල, ප‍්‍රාදේශීය සභා ඇතුළු රාජ්‍ය අංශවල සහාය ද මේ සඳහා නොමඳව ලැබී තිබිණි.

මෙහි ඉදිකෙරෙන චෛත්‍යරාජයාණන් වහන්සේ සඳහා රුපියල් ලක්‍ෂ 400ක වියදම දැරීම හෙළරුවන් පසන්කුමාර සහ නිරංජන සරෝජිනි යන දෙපළ විසින් භාරගෙන ඇත.

තන්ජන්තැන්න හංදියේ සිට කූරගල දක්වා කිලෝමීටර් 2ක් පමණ මාර්ගය කාපට් කර තිබීම නිසා බොහෝ දුරක් පයින් යාමට තිබූ අපහසුතාව ද මගහැරී ඇත.

කූරගල පුදබිම අන්තවාදීන්ගේ හා අන්‍ය ලබ්ධිකයන්ගේ අණසක යටතේ පැවති වකවානුවේ සිය ගණන් සතුන්ගේ බෙලි කැපෙන විට තපෝවනය පුරා එදා නැගුණු බිලි පූජාවන්ගේ හඬ වෙනුවට දැන් ඇසෙන්නේ සාදුකාර නාදයන්ය. එහෙත් ඔවුන්ගේ සංකල්ප මතුකරන්නට මුස්ලිම් පල්ලියක් හා සොහොන් කොත් දෙකක්ද කූරගල පුදබිමේ ඉතිරිව ඇත.

p13 30 1මෙම පුරාවිiා භූමිය මේ දක්වා රැුකගැනීමට වෙරදැරූ කූරගල දිවාගුහා විහාරාධිපති හා බළන්ගොඩ බෝධිමණ්ඩලාරාම විහාරාධිපති රාජකීය පණ්ඩිත වටද්දර ඤාණිස්සර හිමියන්ගේ නාමය මෙහිදී ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.

කූරගල චෛත්‍යය ඉදිවෙන ගල් පර්වතය වෙත නැගුනු කෙනකුට කල්තොට ගොවිජනපදය, වේලිඔය, මැදබැද්ද ආදී කුඹුරු යායන් සහ වැව් දැකගත හැකිය. මෙම උස් ගල් පර්වතයේ කෙළවරක දෙදෙනකුට එකවර මාරුවිය හැකි තරමේ උමං කුහරයක් ද ඇත. මෙම උමග කූරගලට පහළින් පිහිටි බුදුගල රාජමහා විහාර පරිශ‍්‍රයේ පිහිටි ලෙන් දක්වා අතීතයේ තිබූ බවට ජනප‍්‍රවාදයේ සඳහන් වේ.

මෙම පුද බිමේ ජනතාවට පහසුවෙන් පිවිසීමට ඉඩ සැලසූ පළමු දිනයේ විසිදහසකට වැඩි ජන ගඟක් දිවයිනේ නන් දෙසින් ගලා ආහ. බුදුන් වහන්සේ එදා විසිදහසක් රහතුන් වහන්සේලා සමග කපිලවස්තු නුවරින් කිඹුල්වත් නුවරට වැඩම වීම සනිටුහන් කළ මැදින් පොහෝ දිනයේ ඇරඹි මෙම ගමන බුදු සසුනේ චිරස්ථිතිය පිණිසම වේවායි පතමු.

බළන්ගොඩ - එන්. එච්. පියසේන

p13 30 3

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles