Divaina - තරුණිය මරා කොළඹ ගෙනාවේ බුත්තල එස්‌අයි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 හේමන්ත රන්දුණු

leadmain
 
 සිය අනියම් බිරිඳ ඝාතනය කර ඇගේ හිස කඳෙන් වෙන්කර බෑගයක දමා පිටකොටුව වේල්ලවීදිය ප‍්‍රදේශයේ මහමඟ දමා ගොස් ඇත්තේ බුත්තල පොලිසියේ රාජකාරි කරන උප පොලිස් පරීක්‍ෂකවරයකු විසින් බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.
 
  සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා පදිංචි බදුල්ල බඩල්කුමර ප‍්‍රදේශයේ නිවස ඊයේ (02 දා* සවස පොලිස් කණ්ඩායමක් විසින් වටලනු ලැබූ අවස්ථාවේ සැකකරු නිවසින් පැන අසල කැළෑවක සැඟවී ඇත.
 
 පසුව පොලිස් කණ්ඩායම් කිහිපයක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (02 දා* සවස සිට එම කැළෑ ප‍්‍රදේශය වටලා දැවැන්ත මෙහෙයුමක් කි‍්‍රයාත්මක කර තිබිණි.
 
 විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා සිය අනියම් බිරිඳ ඝාතනය කර ඇත්තේ හංවැල්ල නගරය ආසන්නයේ පිහිටි නවාතැන්පළකදීය.
 
 අනියම් බිරිඳ ඝාතනය කර ඇගේ හිස කදින් වෙන්කර ගමන් බෑගයක දමාගෙන ඇති සැකකරු හංවැල්ල නගරයේ සිට පෞද්ගලික බස් රථයකින් පිටකොටුව වේල්ලවීදිය ප‍්‍රදේශයට රැුගෙන ගොස් මහමඟ දමා පලාගොස් ඇත.
 
 අනියම් බිරිඳගේ හිස කොටස වෙනත් ස්ථානයකට දමන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.
 
 සැකකරු අත්අඩංගුවට ගන්නාතුරු අනියම් බිරිඳගේ හිස කොටස සඟවා ඇති ස්ථානය සොයා ගැනීමට අපහසු බව පොලිසිය පවසයි.
 
 මෙම උප පොලිස් පරීක්‍ෂකවරයා හංවැල්ල ප‍්‍රදේශයේ නවාතැන්පළක සිටි බවට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් ඊයේ (02දා* දහවල් එම නවාතැන්පළ පරීක්‍ෂා කරන ලදී.
 
 එහිදී මෙම සැකකරු නවාතැන්පළ වෙත ඔහුගේ නම හැඳුනුම්පත් අංකය ලිපිනය සහ දුරකථන අංකය ලබාදී තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.
 
 නවාතැන්පළේ සේවකයන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ එම සැකකරු ඉකුත් 28 වැනිදා කාන්තාවක් සමඟ මෙහි පැමිණ නවාතැන් ගත් බවයි. ඒ අනුව පොලිසිය සැකකරු පදිංචිව සිටි බදුල්ල බඩල්කුඹුර ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ නිත්‍යානුකූල බිරිඳ පදිංචි නිවස වටලනු ලැබූ අවස්ථාවේදී ඔහු ඉතාම සූක්‍ෂ්ම ලෙස පොලිස් නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් තිබිණි.
 
 සැකකරු විවාහකයකු වන අතර ඔහුට 18 හැවිරිදි වියෙහි පසුවන පුත‍්‍රයකුද සිටින බව පොලිසිය පවසයි. සැකකරුගේ නිත්‍යානුකූල බිරිඳ පොලිසියට පවසා ඇත්තේ ඉකුත් 27 දා තම සැමියා නිවසින් පිටවී ගිය බවත් ඊයේ (02 දා* අලූයම් කාලයේ ඔහු නැවත නිවසට පැමිණි බවත්ය. සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා බුත්තල පොලිසියේ රාජකාරි සඳහා පැමිණීමට පෙර ඇමැති ආරක්‍ෂක අංශයේ සේවය කළ නිලධාරියෙකි.
 
 ඔහු දක්‍ෂ බොක්සිං කී‍්‍රඩකයකුද වන අතර කාලයක පටන් අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලින් හෙළිව ඇත.
 
 සැකකරු මෙම තරුණිය ඝාතනය කළේ කුමන හේතුවක් නිසාදැයි මෙතෙක් අනාවරණය වී නැත.
 
 ඝාතනයට ලක්වූ තරුණිය කාගේ කවුදැයි යන්න ඊයේ (02 දා* වනතුරුත් අනාවරණය වී නොතිබිණි.
 
 ඝාතනයට ලක්වූ මෙම තරුණියගේ බවට සැක කරන ඇඳුම් බෑගයක් හංවැල්ල නගරයේ වෙළෙඳසලක් අසල දමා ගොස් තිබියදී පොලිසිය විසින් ඊයේ (02 දා* සොයාගෙන තිබිණි.
 
 සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා සහ ඔහු තරුණිය ඝාතනය කළ බවට සැක කරන නවාතැන් පොළ පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ සීසීටීවී දර්ශන ඔස්සේ දීර්ඝ ලෙස කළ සෝදිසියකින් පසුවය.
 
 බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles