Divaina - නිරෝගීමත් ජනතාවක් බිහි කළ නොහැකි නම් කිසිදු සංවර්ධනයකින් පලක් නැහැ

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

සුජීව තත්සර

 

anurada500
 
 නිරෝගීමත් ජනතාවක් බිහි කළ නොහැකි නම් රට තුළ කුමන සංවර්ධනයක් ඇති කළත් පලක් නැතැයි නැෙඟනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ප‍්‍රකාශ කළාය.
 
 වසවිසෙන් තොර වී ගොවිතැන හරහා අක්කර දසදහසක ඉලක්කයක් කරා යෑම සිය බලාපොරොත්තුව වන බවත් එය කාබනික ගොවිතැන තව තවත් ප‍්‍රචලිත කිරීමේ හැරවුම් ලක්ෂ්‍යයක් වන බව ද ඇය කීවාය.
 
 දැයට හිතැති ගොවිතැන ව්‍යාපෘතිය යටතේ ගෝමරන්කඩවල කිඹුල්පැටියාව වෙල්යායේ වී අස්වනු නෙළීමේ අවස්ථාවට පසුගියදා එක් වෙමින් ආණ්ඩුකාරවරිය මේ බව කියා සිටියාය.
 
 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මෙසේද කීවාය.
 
 ”අපේ අනාගත දරු පරපුර නිරෝගිමත් ලෙස රටේ සංවර්ධනයට දායක කර ගන්න නම් වස විසෙන් තොර ආහාර රටාවකට පුරුදු විය යුතුයි. රෝගී පරපුරකින් සමාජයට කිසිම සෙතක් සිදු වන්නේ නෑ.
 
 වකුගඩු රෝගීන් වැඩිම ප‍්‍රමාණයක් අද ඉන්නේ ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ පදවි ශ‍්‍රීපුර ප‍්‍රදේශයේ. ඔවුන් අද මේ වකුගඩු රෝගය නිසා විශාල ලෙස දුක් විඳිනවා. සෞඛ්‍ය අංශ වලටත් මේ රෝගීන් වැඩිවීම ප‍්‍රශ්නයක්. එසේ නම් අප සිදු කළ යුත්තේ එම රෝගය ඇතිවීමට ඇති හේතු අවම කිරීමයි. ඒ නිසාම යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව වෙනුවෙන් අලූතින් ලබා දුන් අක්කර 600ක් අපි වස විසෙන් තොර කලාපයක් කළා. මේ පොළොව අලූත්. සුන්දර යාන් ඔය නිම්නය වස විස දාල විනාශ වුනොත් එයින් දුක් විඳින්නෙත් මේ අහිංසක ජනතාවමයි. නිරෝගී ජනතාවක් බිහි කරන්න අපට බැරි නම් අපි රටේ මොන සංවර්ධනයක් කළත් වැඩක් නෑ. ඒ නිසා සියලූ දෙනාම වස විසෙන් තොර ගොවිතැනකට යොමු විය යුතුයි යැයි ද වැඩිදුරටත් ප‍්‍රකාශ කළාය. මේ අවස්ථාවට දැයට හිතැති ගොවිතැන ව්‍යාපෘතියේ උපදේශක ආචාර්ය කීර්ති වික‍්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles