දිනසේන රතුගමගේ
යාපනයේ මනියතෝට්ටම් ප්‍රදේශයේ මාස 8ක දරුවකුට දරුවාගේ මව විසින් අමානුෂික අන්දමට කෝටුවකින් පහර දීමේ සිද්ධියට අදාළ මව 2 දා දහවල් යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම දරුවාට පහර දෙන ආකාරය පිළිබඳව වීඩියෝවක් හා ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කළ යාපනයේ වැසියෝ ඉල්ලා සිටියේ සිද්ධියට අදාළ කාන්තාව අත්අඩංගුවට ගන්නා ලෙසයි.
මෙම දර්ශන දුටු යාපනයේ ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් හා යාපනය පොලිසියේ නිලධාරීන් සිද්ධිය පිළිබඳව විමර්ශනයක්කොට කාන්තාව ඇගේ කුලී නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිට යාපනයට පැමිණ මනියතෝට්ටම් ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන ජීවත් වූ බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ. ඇයව යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය හා ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් පියවර ගෙන තිබේ.