Divaina - දඹුල්ලේ රක්ෂිත කි‍්‍රකට් කී‍්‍රඩකයින්ට විකුණලා

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

lands2rgb
 
 දඹුල්ල-සරත් එරමිනිගම්මන
 
 දඹුල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෑවල වැව, අලකොළ වැව, දෙහිගහයාය යන ප‍්‍රදේශයන්හි වනජීවි , වන සංරක්ෂණ හා රජයේ රක්ෂිත කැලෑ ඉඩම් සංවිධානාත්මක පිරිසක් විසින් අත්පත් කරගෙන විවිධ ඉදිකිරීම සිදුකර පසුව කොළඹ ප‍්‍රදේශයේ ව්‍යාපරිකයන්ට, ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට, වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට විකිණීමේ ජාවාරමක් සිදුවෙමින් පවතින බව ප‍්‍රදේශයේ ජනතාව ප‍්‍රකශ කරති.
 
 සුවිශේෂී පරිසර කලාපයක පිහිටි මෙම භූමිය අලි ඇතුන් ඇතුළු වන සතුන්ගේ නිජ භූමියක් වන අතර දඹුල්ල නගරයේ සිට කිලෝ මීටර්
 
 30 ක් පමණ දුරින් පිහිටි රූස්ස වන ලැහැබකි.
 
 මෙම කණ්ඩායම විසින් අල්ලගෙන ඇති ඉඩම් එළිපෙහෙළි කර වගා කර ඇති අතර, ඇතැම් ඉඩම් ස්ථිර කටු කම්බි වැටවල් ගසා ආවරණයකර ඇත. තවත් ඉඩම් කීපයකට විදුලි වැටවල් පවා ඉදිකර ඇත. තවත් ඉඩම් කීපයක විදුලි සැපයුම් ලබා ගෙන ඇත. ඒ සඳහා කුඩා දැව කණු උපයෝගී කරගෙන ඇති බව දක්නට ඇත.
 
 මෙසේ අත්පත් කරගන්නා ඉඩම් ටික කලක් ගියපසු කොළඹ ප‍්‍රදේශයේ බලවත් පුද්ගලයන්ට විකුණන බව සීගිරිමුල්ල විහාරාධිපති කොස්ගහහින්නේ ජිනානන්ද හිමියෝ කියා සිටියහ.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles