වී මිල ඉහළ යෑමේ වාසිය ගොවීන්ට හිමිව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ‘‘ගම සමඟ පිළිසඳර’’ වැඩසටහනේ 12 වන අදියර පෙරේදා (27දා) පැවැත්වුණේ ත්‍රිකුණාමලය කිවුලේකඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමිනි.
මෙම වැඩසටහනට සහභාගි වීමට පෙර ජනාධිපතිවරයා ගම්වාසීන්ගේ නිවෙස් වෙත ගොස් ඔවුන් සමග සුහද පිළිසඳරක නිරත විය. ඉන් අනතුරුව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ කියා සිටියේය.
”කොවිඞ් වසංගතය මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නයක්. අනික් රටවල් සමග සංසන්දනය කළාම අපිට පුළුවන් වුණා සෑහෙන දුරට කොවිඞ් වසංගතය හොඳින් පාලනය කර ගන්නට. දැන් අපි එන්නත ලබාදෙමින් තිබෙනවා. අපි දැනට ගෙනල්ලා තියෙනවා එන්නත් මිලියනයක්. වාහනෙන් බැහැලා එනගමන් හාමුදුරුවනේ මම දැන් දැක්කා වී. අපි නොමිලේ පොහොර ලබාදුන්නා. එතකොට වීවලට රුපියල් 50ක සහතික මිලක් ලබාදුන්නා. දැන් ගොවියන්ට අවස්ථාව තියෙනවා රු. 50ට හෝ ඊට වැඩිය දෙන්න.
සමහර තැන්වල මම අහගෙන ආවා රු. 52, 53 වගේ දෙනවා. හැබැයි හොඳ මිලක්. සමහර පැතිවල රු. 60ටත් වී වික්කා. ඒක කමක් නෑ. ගොවියන්ට සල්ලි එන්න ඕනේ. මේ වගේ දුෂ්කර පළාත්වලට මේ වගේ එන්නේ නෑනේ කවුරුත්. ජනාධිපතිවරු එන්නෙත් නෑ. ඇමැතිවරු එන්නෙත් නෑලූ. ලේකම්වරුන්ට එන්න වෙලාවකුත් නෑලූ. ඒක නිසා තමයි මම එන්නේ. ගම සමග පිළිසඳරක් කියන්නේ ගැටලූම අහන්න විතරක් නෙමෙයි. තමුන්නාන්සේලා ළඟ තියෙනවා අදහස්. ඒ අදහසුත් අහන්න.
ඊයේ මම ගෙදර වවලා තිබුණ කහ සහ ඉඟුරු ගැලෙව්වා. හොඳ ප්‍රමාණයක් ගලවන්න පුළුවන් වුණා. ඒ වගේම කහ වවන ප්‍රදේශවල හොඳ අස්වැන්නක් ඇවිල්ලා තියෙනවා. වෙනදා පිටරටවලින් මේවට බිලියන ගාණක් වියදම් කරා. දැන් අපේ ගොවියට මේ මුදල් යන්නේ. ටිකක් ගණන් යයි ඒකට කමක් නෑ. ඒවා යන්නේ අපේ ගොවියන්ට. දුප්පත්කම නැති කරන්න මම වැඩසටහනක් ගෙනාවා ලක්ෂයකට රැකියා දෙන්නට. අපි පළමු 35,000 දුන්නා. ඒ අයගේ පුහුණුව ඉවර වුණ ගමන්ම තවත් 35,000කට දෙන්වා. මම පුළුවන් තරම් මන්ත්‍රීතුමන්ලාට නිලධාරීන්ට කියලා තියෙන්නේ ¥ෂණ වෙන්න නොදී අවශ්‍යම පුද්ගලයන්ට ඒවා ලබා දෙන්න කියලා’’
- Hits: 312