නුවරඑළිය - නාලක රත්නායක
සතිඅන්ත දීර්ඝ නිවාඩුවත් සමග හැටන් සහ රත්නපුර මාර්ග ඔස්සේ නිරෝධායන උපදෙස්වලට අනුකූලව ශ්‍රී පාදය කරුණා කිරීමට පෙරේදා (25 දා* විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ සිටියහ.
හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය වන්දනා කිරීමට පැමිණි වන්දනාකරුවන් සඳහා හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා දුම්රිය සහ ලංගම ඒකාබද්ධ සේවයක්ද එක්කර ඇත.
ශ්‍රි පාදය වන්දනා කිරීමට පැමිණෙන වන්දනාකරුවන්ට නිරෝධායන උපදෙස් පිළිපදින ලෙස නල්ලතන්නිය පොලිසිය විසින් පැය 24 පුරාම ක්‍රියාත්මක වන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් විශේෂ විකාශන සේවාවක්ද නල්ලතන්නිය පොලිසිය අසල දියත් කර ඇත.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයත්, ඉඳිකටුපහන සිට ශ්‍රී පාද උඩමළුව දක්වා ආරක්ෂිත වැටද විෂබීජහරණයට ලක් කිරීමට කටයුතු කර ඇත.
හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි වන්දනාකරුවන් අදාළ අවසර පත්‍රය තිබේදැයි යන්න පිළිබඳව නල්ලතන්නිය කල්පරුක්ෂ විහාරස්ථානය අසලදී පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කරනු ලබයි.