Divaina - මාතලේ ගොවි රජාටත් ගොවිතැන එපාවෙලා... ලූනුවලින් සිදුවූ පාඩුව රු. කෝටියක් - වන්දි තාමත් නෑ...

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 ගලේවෙල විශේෂ
 
govi222විදේශවලින් ලංකාවට ආනයනය කරන  පාරිභෝගික ද්‍රව්‍ය දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා රජය යෝජනා කර ඇතත්, තමන් මේ වනවිට පත්වී ඇත්තේ දැඩි දුෂ්කරතාවකට බව ගොවීහු පවසති. දේශීයව නිෂ්පාදනය කරන ගොවි ද්‍රව්‍යවලට වෙළඳපොළක් නොමැතිවීම මීට ප‍්‍රධාන හේතුවයි. 2007 වසරේදී මාතලේ දිස්ත‍්‍රික්කයේ හොඳම ගොවියා ලෙස තේරුණ ගලේවෙල, පට්ටිවෙල පදිංචි එස්. ඒ. රත්නපාල මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ,
 
 ‘‘මම 80 දශකයේ සිට අක්කර 100 ක පමණ විවිධ භෝග වර්ග වගා කරනවා. ලොකු ලූනු, ලූනු බීජ, පැපොල්, තක්කාලි, ඉන්නල, ඉඟුරු ආදිය ඒ අතරින් ප‍්‍රධානයි. ඇතැම් වසරවලදී ලූනු කිලෝ ලක්ෂ  05 ක පමණ අස්වැන්නක් ලබාගෙන තිබෙනවා. නමුත් බොහෝ අවස්ථාවලදී වෙළඳපොලින් එම අස්වැන්නට නිසි මිලක් ලැබෙන්නේ නෑ.
 
 පසුගිය කාලයේ ලූනු බීජ නිෂ්පාදනය කළා. ඒවා අලෙවි කර ගැනීමට එවකට තිබූ රජය නිසි වැඩපිළිවෙළක් සකස් නොකිරීම නිසා රු. කෝටියක පමණ අලාභයක් සිදුවුණා. කාලගුණික හේතු නිසා විනාශ වූ ලූනු වගාවට අක්කරයකට රුපියල් 40,000 බැගින් වන්දි ගෙවන බව පොරොන්දු වුණත් අද වනතුරු ගොවීන්ට එම මුදල් ලැබී නෑ.
 
 ගොවීන් බැංකුවලින් ලබාගත් ණය ගෙවා ගැනීමට නොහැකිව අසරණ වෙලා. මම මෙවර අක්කර 05 ක පමණ පැපොල් වගා කළා. ඒවා මිලට ගැනීමට ගිවිසුම් අත්සන් කර තිබූ පුද්ගලික සමාගම් පැපොල් මිලදී ගැනීම ප‍්‍රතික්ෂේප කරනවා. කොරෝනා වසංගතය නිසා පැපොල් ඇනවුම් නොලැබෙන බව ඔවුන් පවසනවා. පැපොල් අස්වැන්න කුණුවෙලා ගස් මුල වැටෙනවා.
 
 ඉඟුරු අක්කර 10 ක් හා ඉන්නල අක්කර 12 ක වගාකර තිබෙනවා. ඉඟුරු කිලෝව 130 ට බැහැලා. ඉන්නල කිලෝව රු. 15 ට බැහැලා. ඉන්නල අස්වැන්න නෙළන් නැතුව අත්හැර දමා තිබෙනවා. ලක්ෂ ගණනක් පාඩු වුණත් කීයට හරි දෙන්න වෙලා. මේනිසා අපිට ගොවිතැන එපාවීම පුදුමයක් නොවේ. වගාවන් සඳහා ගත්ත බැංකු ණය ගෙව්වේ මගේ දේපළ විකුණලා.’’
 
 ‘‘දශක 04 ක පමණ කාලයක් තිස්සේ ගැහැනු පිරිමි කම්කරුවන් 100 කට ආසන්න ප‍්‍රමාණයක් මා ළඟ සේවය කරනවා. ආදායම් අඩු නිසා මට එම සංඛ්‍යාව ටිකෙන් ටික සීමා කරන්නට සිදුවෙලා. ඒ අයට අද යන එන මං නැතිවෙලා. මම වගේ අසරණ වූ සිය ගණනක් ගොවීන් මාතලේ දිස්ත‍්‍රික්කයේ ඉන්නවා. ගොවියා රැුක ගැනීමට මීට වඩා විධිමත් වැඩපිළිවෙළක් රජය විසින් සකස් කළ යුතුයි. එසේ නොවුණොත් ගොවියා ගොවිතැනින් ඉවත්වන දිනය වැඩි ඈතක නෑ’’ යැයි පැවැසීය.

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles