Divaina - කෝටි දෙකක් වැනසූ දංකොටුවේ ගින්න

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

අමරනන්ද විජේසේකර - මහවැව, ධම්මික රාජපක්ෂ - සඳලංකාව

 

fire375
 
 දංකොටුව නගරයේ පන්නල මාර්ගයේ ප්ලාස්ටික් වෙළෙඳ සැලක හටගත් ගින්නක් හේතුවෙන් රුපියල් කෝටි දෙකකට ආසන්න අලාභයක් සිදුව ඇති බව දංකොටුව පොලිසිය පවසයි.
 
 ඊයේ රාතී‍්‍ර 9.00 ට පමණ මෙම ගින්න හට ගෙන ඇත. පොලිසිය පවසන්නේ දංකොටුව නගරයේ පන්නල මාර්ගයේ පිහිටි ප්ලාස්ටික වෙළෙඳ සැලක ගින්න පළමුවෙන් හටගෙන තිබූ බවයි.
 
 එසේ හටගත් ගින්න අසල තිබූ පුද්ගලික බැංකුවට පැතිරී ගොස් තිබුනද මීගමුව ගිනි නිවන ඒකකය, පොලිසිය සහ නගරවාසීන් දැඩි පරිශ‍්‍රමයක් දරා ගින්න පාලනය කර ගැනීමට කටයුතු කර තිබුණි.
 
 පොලිසිය පවසන්නේ පළමුව ගින්න ආරම්භ වූ ප්ලාස්ටික් වෙළෙඳ සැල සම්පුර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති බවයි. ගිනි ගැනීමත් සමග අවට වෙළෙඳ සැල් වෙත ගින්න පැතිරි යෑම වැළැක්වීමට පොලිසිය ගිනි නිවන හමුදාව ප‍්‍රදේශවාසීන් මහත් පරිශ‍්‍රමයක් දරා තිබුණි. පැය 6 කට ආසන්න කාලයක් ගින්න පැතිරී ගිය අතර ගින්නට හේතුව අනාවරණය වී නොමැත.

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles