Divaina - පඩුකරඳ ශාකය ගලවනවා නම් සිටුවන්න ඉඩමේ කොටසක් දෙන්නම් - ගසේ සැබෑ හිමිකරු කියයි

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 23 1මධ්‍යම අධිවේගී මාර්ගය නිසා හානියට ලක්වන ගම්පහ දාරළුවේ පිහිටි ප`ඩුුකරඳ නොහොත් කෲඩියා සිලනිකා ශාකය ගලවා ඉවත් කරන්නේ නම්, එම ශාකය තමන්ගේම ඉඩමක සිටුවන්නට ඉඩම් කොටසක් පරිත්‍යාග කරන්නට තමන් සූදානම් බව ගසේ සැබෑ හිමිකරු නදීෂාන් දිලූක මුණසිංහ තරුණයා කියා සිටී.

අධිවේගී මාර්ගය සඳහා පවරාගත් ඉඩමේ ඉතිරි පර්චස් 40 ක පමණ ප‍්‍රමාණය මේ සඳහා ලබාදිය හැකි බවත්, එම කොටස මදිනම්, ඊට යාබදව පිහිටි තම ගෙවත්තෙන් හෝ කොටසක් මේ සඳහා ලබාදිය හැකි බවත් නදීෂාන් සඳහන් කරයි.

මෙවර උසස් පෙළ විභාගය සඳහා ජීවවිද්‍යා අංශයෙන් තමා පෙනී සිටි බවත්, එහිදී ශ‍්‍රී ලංකාවෙන් වඳවී ගියා යැයි සැලකෙන ශාක ලැයිස්තුව අධ්‍යයනයේදී කෲඩියා සිලනිකා ශාකය පිළිබඳව තමා හැදෑරුවත් එම ශාකය කිසි ලෙසකින්වත් තම ඉඩමේ පිහිටා තිබුණු බව තමන් දැන නොසිටි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ දුර්ලභ ශාකය දාරළුව ගම් පළාතෙන් පිටතට ගෙන යෑමට කැමැත්තක් නැති බැවින් මෙසේ තමන්ගේම ඉඩමක් පරිත්‍යාග කර ගස ආරක්ෂා කරගන්නට මෙම විකල්ප යෝජනාව ඉදිරිපත් කරන බවද නදීශාන් මුණසිංහ තරුණයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජගත් කණහැරආරච්චි
 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles