පාස්කු ප්රහාරය පිළිබඳ පරීක්ෂණ වාර්තා හෙළි කරන තෙක් කිසිදු දේශපාලනඥයකුට තමා හමුවීමට අවස්ථාවක් ලබා නොදෙන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ‘දිවයින’ ට ඊයේ (22දා) ප්රකාශ කළේය.
මේ අනුව පක්ෂ විපක්ෂ කිසිදු දේශපාලනඥයකු තමා හමුවීමට නොහැකි බවද කාදිනල්තුමා වැඩිදුරටත් සඳහන් කර තිබේ. මාර්තු 02 වැනිදා කතෝලික මැතිඇමැතිවරුන් කිහිපදෙනකුට කාදිනල්තුමා හමුවීමට දින වෙන්කර තිබුණත් යළි දැනුම් දෙනතුරු එය අවලංගු කර ඇත.
නෝමන් පලිහවඩන