Divaina - සූරියවැව සත්‍යග‍්‍රහය ළඟට සජිත් එයි... අලි ගැටලුවට පක්‍ෂ විපක්‍ෂ සියලු දෙනා වගකිව යුතුයි... විපක්‍ෂ නායක කියයි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

මත්තල දිලීප් එන්. ජයසේකර, සූරියවැව රොෂාන් ගුණසේකර

 

suraiya700
 
 හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කර වන අලි ගැටලූවට වහාම විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලා සූරියවැව වල්සපුගල වැව් තාවුල්ලේ ගොවීන් පිරිසක විසින් ආරම්භ කර ඇති සත්‍යග‍්‍රහය පැවැති ස්ථානයට විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පෙරේදා (25 දා* සවස පැමිණියේය.
 
 මෙහිදී සත්‍යග‍්‍රහයේ නිරත  ගොවීන් හා ඊට සහාය පළකරමින් එක්ව සිටි මහා සංඝරත්නය සමග සුහද කතා බහක නිරතව සිට විපක්ෂ නායකවරයා පැවසුවේ ගොවීන්ගේ මෙම මාරාන්තික උපවාසය මෙන්ම අඛණ්ඩ සත්‍යග‍්‍රහය ද සර්ව සාධාරණ එකක් බවයි. එමෙන්ම මෙම වන අලි ගැටලූව පක්ෂ විපක්ෂ අපි සියලූම දෙනා වගකිවයුතු කාරණයක් බවත්, මේ ගැටලූව එක් කොටසකට පමණක් සීමා වී ඇති ගැටලූවක් නොවන බවත් කීවේය. විපක්ෂ නායකවරයා පොදුවේ සියලූ දෙනාම මෙම ගැටලූවට මුහුණ දී ඇති බවත් පැවසීය. එනිසා මෙම වන අලි ගැටලූවේදී තමන්ද ජනතාව වෙනුවෙන් මැදිහත් වන බවත් මේ
 
 ගැටලූවට විසඳුම් ලබාදීම සඳහා පාර්ලිමේන්තුව තුළදී සහ ඉන් පිටතදී ද අරගල කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
 
 විපක්ෂ නායකවරයා සමග සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි දිලිප් වෙදආරච්චි, සූරියවැව ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සුභක ප‍්‍රදීප් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
 
 ගොවීන්ගේ ගැටලූ ඇතුළත් සංදේශයක් ද මෙහිදී විපක්ෂනායකවරයා වෙත භාරදීම සිදු කෙරුණි.

 

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles