දිනසේන රතුගමගේ
යාපනයේ ස්වේච්ඡා සංවිධාන කීපයක නියෝජිතයෝ දෙමළ ජාතික සන්ධානයට එරෙහිව පෙරේදා (25 දා* දහවල් යාපනය නගරයේ දී විශාල උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබුණි.
ඔවුන් කියා සිටියේ දෙමළ ජනතාව රවටමින් ඔවුන් දේශපාලනමය වාසි ලබා ගන්නා පිරිසක් මිස දෙමළ ජනතාවට අයිතිවාසිකම් ලබාදෙන දෙමළ පක්ෂයක් නොවන බවයි. යුද අපාරාධ සම්බන්ධයෙන් විවිධ රජයන්ට චෝදනා එල්ල කරන ඔවුන් එල්.ටී.ටී.ඊ. සංවිධානය උතුරු පළාතේ සිටි කාලයේදී ඔවුන්ද ඒවා අනුමත කළ පිරිසක් බව විරෝධතාකරුවෝ කියා සිටියහ. දෙමළ ජනතාවගේ ප්රශ්න කිසිවකට ඔවුන් පෙනී නොසිටින බවත් ගතවූ කාලය මුළුල්ලේම දෙමළ ජාතික සන්ධානය විසින් දෙමළ ජනතාව රැවට්ටූ බවත්, එම පක්ෂයේ ඉහළ තනතුරු හා සැප විඳින්නේ යම් පිරිසක් පමණක් බවත් විරෝධතාකරුවෝ කියා සිටියහ. යාපනය ප්රධාන බස් නැවතුම්පළ ඉදිරිපිටින් ආරම්භ වූ මෙම විරෝධතාව අවසානයේදී පෙළපාලියක් බවට පත්කර ගනිමින් කෑකෝ ගසමින් යාපනය නගරය පුරා ගමන් කළහ.