ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක - බණ්ඩාරගම
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළමැදිරිය ප්‍රදේශයේ ඊයේ (26 දා* උදෑසන පොල්තෙල් බවුසරයක් පෙරළීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් රෝහල්ගත කළ බැව් දක්ෂිණ අධිවේගී ගැලනිගම රථවාහන කොට්ඨාසය කියයි.
කටාන සිට ගාල්ල දක්වා පොල්තෙල් කිලෝ දහතුන් දහසක් ප්‍රවාහනය කරමින් සිටි තෙල් බවුසරය පෙරවරු 6.10 ට පමණ ගැලනිගම සහ දොඩන්ගොඩ පිවිසුම් මාර්ග අතර කිලෝමීටර් 15.4 ප්‍රදේශයේ දී පෙරළීගොස් ඇති අතර අනතුරෙන් තුවාල ලැබූ රියැදුරු සහ සහායකයා නගොඩ මහ රෝහලට රැගෙන ගිය බැව් පොලිස් නිලධාරියෙක් පැවසීය.
පෙරළීමෙන් බවුසරය දෙකට වෙන්වී බරපතළ අලාභහානි සිදුව තිබූ අතර එහි පොල්තෙල් පිටාර ගලායෑම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ග සංවර්ධන අධිකාරියට අයත් අධි පීඩන ජල බවුසර් යොදා පිරිසිදු කිරීමේ නියැළී සිටියහ.
ගැලනිගම රථවාහන කොට්ඨාසයේ ස්ථානාධිපති පො.ප. සරත් ගාමිණී මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.