Divaina - සජබ නිලධාරි මණ්ඩලය පත්වෙයි - පක්ෂ නායක - සජිත් සභාපති - ෆොන්සේකා මහ ලේකම් - මද්දුම බණ්ඩාර ජාතික සංවිධායක - තිස්ස අත්තනායක

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 26 2ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස කුමාර වෙල්ගම, රාජිත සේනාරත්න, කබීර් හෂිම්, ලක්ෂ්මන් කිරිඇල්ල, ඉමිතියාස් බාකිර් මාකර්, රවී සමරවීර පත් කෙරෙති

පාඨලීට සජබ සාමාජිකත්වය ලබාදීමට අනුමැතිය

අකිත පෙරේර

සමගි ජන බලවේගයේ ඊයේ (25 දා) පැවති ප‍්‍රථම කෘත්‍යාධිකාරි මණ්ඩල රැුස්වීමේදි එහි නිලධාරි මණ්ඩලය පත්වීම සිදු විය. පක්ෂ නායක ලෙස සජිත් පේ‍්‍රමදාස මහතාත්, මහ ලේකම් ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ සභාපති ලෙස ෆිල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාත් පත්ව ඇත.

ඊට අමතරව, භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, මෙහෙයුම් ප‍්‍රධානි සහ උප සභාපති ලෙස හරින් ප‍්‍රනාන්දු යන මහත්වරුන් පත් කර තිබේ.

සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස කුමාර වෙල්ගම, රාජිත සේනාරත්න, කබීර් හෂිම්, ලක්ෂ්මන් කිරිඇල්ල, ඉමිතියාස් බාකිර් මාකර්, රවී සමරවීර යන මහත්වරුන් පත් වී ඇත.

එම පක්ෂයේ උප සභාපතිවරුන් ලෙස හරින් ප‍්‍රනාන්දු, තලතා අතුකෝරල, ගයන්ත කරුණාතිලක, පී. හැරිසන්, සුජීව සේනසිිංහ, චන්ද්‍රාණි බණ්ඩාර, දිලිප් වෙදආරච්චි, ඒ. එච්. එම්. හලීම් යන මහත්ම මහත්මීහු පත්ව සිටිති.

පක්ෂයේ ප‍්‍රධාන විධායක ලෙස අජිත් පී. පෙරේරා මහතා ද, නියෝජ්‍ය මහ ලේකම්වරුන් ලෙස නලින් බණ්ඩාර, අශෝක් අබේසිංහ, රෝහිණී කවිරත්න යන මහත්ම මහත්මීන් ද, නියෝජ්‍ය ජාතික සංවිධායක ලෙස ජේ. සී. අලවතුවල සහ බුද්ධික පතිරණ යන මහත්වරුන් ද පත් වී ඇත.

පක්ෂයේ ප‍්‍රකාශකවරුන් ලෙස එස්. එම්. මරික්කාර් සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් පත් කර තිබේ.

සමගි කාන්තා බලවේගයේ සභාපතිනිය ලෙස තලතා අතුකෝරල මහත්මිය ද, තරුණ බලවේගයේ සභාපති ධුරය මයන්ත දිසානායක මහතා ට ද ලබා දී තිබේ.

මේ අතර පාඨලි චම්පික රණවක මහතාට පක්ෂ සාමාජිකත්වය ලබා දීමට විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ප‍්‍රථම කෘත්‍යාධිකාරි මණ්ඩල රැුස්වමේදී අනුමැතිය හිමි විය. ඔහුට පක්ෂයේ තනතුරක් ද ලබාදීමට නියිමත බව මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ‘දිවයින’ට කීය.

දැනට බන්ධනාගාරගතව සිටින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් යුක්තිය සහ මානව හිමිකම් සුරැුකීම සඳහා ජනාධිපති නීතිඥ මණ්ඩලයක් ද පිහිටුවා තිබේ.

මේ අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සඳහා පක්ෂයෙන් තරග කිරිමට බලාපොරොත්තු වන අපේක්ෂකයන්ගෙන් අයැදුම්පත‍්‍ර ලබා ගැනීමට තීරණය කර ඇති අතර පක්ෂයට දේශපාලන පුහුණු මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කිරීමට ද තීරණය කර තිබේ.

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය 80 දෙනකුගෙන් සමන්විත බව මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වැඩිදුරටත් කීය.

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles