
පානදුර උතුර පල්ලියමුල්ල ප්‍රදේශයේ ධාවනය වූ ති‍්‍රරෝද රථයක් පසුපස යතුරුපැදියකින් පන්නාගෙන ආ සන්නද්ධ පුද්ගලයන් දෙදෙනකු එහි ගමන් කළ එක් දරු පියකුට ටී56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර දෙනෝදාහක් දෙනා බලා සිටියදී පලාගොස් ඇත.
ඊයේ (25 වැනිදා) පෙරවරු 8.30 ට පමණ සිදු වූ මෙම ප්‍රහාරයෙන් ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර උතුර ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි එක් දරු පියකු වූ ලක්ෂාන් නොහොත් ‘ලසා’ නමැති එක්දරු පියෙකි.
ලක්ෂාන් නමැත්තා ධීවර කර්මාන්තයේ නිරත වී සිටින පුද්ගලයකු වන අතර මොහු තම මිතුරන් දෙදෙනකු සමග මොරටුවට ගොස් ති‍්‍රරෝද රථයත් අලූත්වැඩියා කරගෙන ආපසු පානදුර බලා යමින් සිටයදී මෙම ප්‍රහාරයට ලක්වී ඇත.
මුහුණ ආවරණය වන හිස්වැසුම් පැළඳ සිටි මෙම සන්නද්ධ පුද්ගලයන් දෙදෙනා මොරටුව ප්‍රදේශයේ සිට ති‍්‍රරෝද රථය ලූහුබැඳ ගොස් පානදුර උතුර පල්ලියමුල්ල ප්‍රදේශයේදී මාර්ගය හරස් කර ති‍්‍රරෝද රථය නතර කර එහි සිටි ලක්ෂාන් නමැත්තාට වෙඩි තබා තිබේ. මෙම ප්‍රහාරයෙන් ලක්ෂාන් නමැත්තා සිද්ධිය වූ ස්ථානයේම මියගිය අතර ති‍්‍රරෝද රථයේ සිටි අනෙක් පුද්ගලයන් දෙදෙනාට කිසිදු අනතුරක් සිදුවී නොමැත.
මෙම ඝාතනයට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත. සිද්ධිය වූ ස්ථානයේ වැටී තිබී හිස් පතරොම් කොපු කීපයක් පොලිසිය සොයාගෙන ඇත.
ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිසිවකු ඊයේ දහවල් වනතුරුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි.
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික පි‍්‍රයන්ත, පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ සහ පොලිස් අධිකාරි උදය අමරතුංග යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පානදුර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුල ගිනිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පාලිත කන්නන්ගර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.