Divaina - දකුණු මුහුදේ අනතුරට පත් සිමෙන්ති නැව මුදා ගැනීමට යාත‍්‍රා දෙකක් හා ගුවන් යානයක්

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 25 2දකුණු මුහුදේ කුඩා රාවණා පරය ආසන්නයේ පෙරේදා (23දා) ලයිබීරියානු ධජය යටතේ සිමෙන්ති ප‍්‍රවාහනය කරමින් සිටියදී අනතුරට පත්ව ඇති නෞකාව මුදාගැනීම සඳහා නාවික හමුදා හා වරාය අධිකාරියේ යාත‍්‍රා දෙකක්ද, ගුවන් හමුදා යානයක්ද යෙදවීමට පියවර ගෙන තිබේ.

ගල් පරයක වැදීමෙන් අනතුරට පත්ව ඇති බවට සැක කෙරෙන මෙම නෞකාව මුදා ගැනීම සඳහා මේ වන විටත් නාවික හමුදාවට අයත් රත්නදීප නෞකාවත්, වරාය අධිකාරියට අයත් පණ්ඩුකාභය නමැති ටග් යාත‍්‍රාවත් මේ වන විට එම ස්ථානයට ගොස් තිබේ. මීට අමතරව ගුවන් හමුදාවේ සමුද්‍රීය බළගණයට අයත් ඊ-200 නමැති බීච් ක‍්‍රාෆ්ට් යානයක්ද නිරීක්ෂණ කටයුතු සඳහා යොදවා තිබේ. කෙසේ වෙතත් අනතුරට පත් නෞකාවෙන් මේ වනතෙක් මුහුදට කිසිදු සිමෙන්ති හෝ තෙල් කාන්දුවක් සිදුව නැති බවද වාර්තා වෙයි.

මත්තල - දිලීප් එන් ජයසේකර
 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles