Divaina - වන අලි කළමනාකරණ රක්‌ෂිතය ගැසට්‌ කරනු සූරියවැව මාරාන්තික උපවාසයේ දෙදෙනෙක්‌ අසාධ්‍යව රෝහලේ

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 suriya500
 
 
 මත්තල දිලිප් එන්. ජයසේකර, සූරියවැව රෝෂාන් ගුණසේකර
 
 හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කර වන අලි ගැටලූවට වහා විසඳුම් දෙන්නැයි ඉල්ලා සූරියවැව වල්සපුගල වැව් තාවුල්ලේ මාරාන්තික උපවාසයේ නිරත වූ ගොවීන් තිදෙනාගෙන් දෙදෙනකු අසාධ්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් ඊයේ (22 දා* සුවසැරිය ගිලන් රථ සේවය මගින් ඔවුහු දෙදෙනා සූරියවැව ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
 
 පසුගිය 18 වැනිදා සිට ගොවි නියෝජිතයෝ පිරිසක් මෙම ස්ථානයේදී සත්‍යග‍්‍රහයක් ආරම්භ කළහ. පසුව එම ගොවි පිරිසෙන් තිදෙනෙක් 20 වැනිදා සිට මාරාන්තික උපවාසයක් පටන් ගත්හ. මාරාන්තික උපවාසයේ නිරත වූ ගොවීන් තිදෙනා ආහාර මෙන්ම ජලය ද ප‍්‍රතික්ෂේප කිරීම නිසා ඊයේ (22 දා* වන විට ඔවුන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය දැඩි ලෙස පිරිහීමට ලක්ව තිබුණි. පසුව එහි සිටි පිරිස් මෙම ගොවීන් දෙදෙනා රෝහල් ගත කිරීමට පියවර ගත්හ. අසාධ්‍ය තත්ත්වයට පත් ගොවීන් දෙදෙනා රෝහල් ගත කිරීමත් සමග තවත් ගොවි මහත්මයෙක් මාරාන්තික උපවාසයට එක් විය. ඊට සහාය පළකරමින් ප‍්‍රදේශයේ කාන්තාවෝ 07 දෙනෙක් ද අඛණ්ඩ සත්‍යග‍්‍රහයට සහාය පළකරමින් එහි වාඩි වූහ. ගොවින් පිරිස පවසන්නේ එකාපිට එකා මැරී වැටුණත් මෙම මාරාන්තික උපවාසය හා අඛණ්ඩ සත්‍යග‍්‍රහය අත් නොහරින බවයි.
 
 21 වැනිදා උපවාසය පැවැති ස්ථානයට මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ පණිවිඩයක් ද රැුගෙන මහවැලි අධිකාරියේ මයුරපුර කොට්ඨාස කළමනාකරු එච්. ජී. බී. කුමාර මහතා පැමිණි අතර ඔහු පැවසුවේ මසක් ඇතුළත අනවසර වගාකරුවන් රක්ෂිතය තුළින් ඉවත් කර මෙම කොටස වන අලි කළමනාකරණ රක්ෂිතය ලෙස ගැසට් කිරීමට කටයුතු යොදන බවයි. එතෙක් උපවාසය අතහැර දමන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය. එහෙත් ගොවීන් ඊට විරෝධය පළකිරීම නිසා කොට්ඨාස කළමනාකාරවරයා ඇතුළු පිරිස ඉන් පිටව ගියහ. පසුව එම ස්ථානයට හම්බන්තොට දිස්ත‍්‍රික් ලේකම් ඩබ්ලිව්. එච්. කරුණාරත්න මහතා ද පැමිණි අතර ඔහු උපවාසයේ නිරත ගොවීන්ට කියා සිටියේ මෙම ගැටලූවට අවශ්‍ය විසඳුම් කඩිනමින් ලබා දෙන බවත් එහි මුල් අදියර ලෙස මේ සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන් හා මැති ඇමැතිවරුන් සමග 28 වැනිදා සාකච්ඡුාවක් ලබා දෙන බවත්ය. එතෙක් මාරාන්තික උපවාසය අත්හරින ලෙසත් ඔහු ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් ගොවීහු ඊට ද එකඟ නොවූහ. උපවාසය සඳහා සහාය පළකරමින් පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ ද 21 වැනිදා රාත‍්‍රි මෙම ස්ථානයට වැඩම කළහ.

 

kandos18

අද දිවයින

සිනමා කලා

bs250

නවලිය

ksugewa250

දියග

karunaratne250

මීවිත

janith250

More Articles