දිනසේන රතුගමගේ
යාපනයේ නිලාවරෙයි ළිඳ ආශ්‍රිතව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පෙරේදා (21 දා* කැණීම් කටයුතු ආරම්භ කිරීමට ගිය අවස්ථාවේදී දෙමළ දේශපාලනඥයන් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ විරෝධය පළ කොට තිබේ.
පුරා විද්‍යා නිලධාරීන් ඒ අවස්ථාවේ දෙමළ දේශපාලනඥයන්ට පවසා ඇත්තේ මෙම ළිඳ පිහිටි ස්ථානයට නුදුරින් පැරණි ගොඩනැඟිල්ලක් ඇති බවට තහවුරු වී ඇති නිසා එම ස්ථානයේ කැණීම් කරන බවයි. නමුත් එය නොපිළිගත් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම්” වඩමරච්චි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගරාජා නිරෝෂ් ඇතුළු පිරිස පුරාවිද්‍යා නිලධාරීන් සමග බහින් බස් වී එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ. උතුරේ දෙමළ දේශපාලනඥයන් පවසන්නේ රජය දෙමළ ජනතාවට ප්‍රහාර එල්ල කිරීම ඔවුන්ව අසරණ කරවීම හා ඔවුන් සතු ඉඩම් කොල්ල කෑම සඳහා පුරාවිද්‍යා නිලධාරින්ව යොදවා සිටින බවයි. නමුත් උතුරේ දෙමළ ජනතාව පාරම්පරිකව වසර ගණනාවක් ජීවත් වන පළාත් අහිමි කරවීමේ රජයේ උත්සාහයට දෙමළ දේශපාලන පක්ෂ කිසිවිටකත් ඉඩ නොතබන බවද ඔවුන් යාපනයේදී ප්‍රකාශ කොට තිබේ.