Divaina - අනුරපුර පොලිස් මත්ද්‍රව්‍ය වැටලීම් ලොක්කා අල්ලයි - ඊසි කෑෂ් ක‍්‍රමයට කුඩු ජාවාරමේ

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 19 1ලක්‍ෂ 5ක මත්කුඩු, සිම් කාඞ් සහ හැඳුනුම්පත් රැසකුත් සොයා ගනී

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු,  මිහින්තලේ - රංග චතූ

ජංගම දුරකථන භාවිත කරමින් ඊසි කෑෂ් ක‍්‍රමයට මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ අනුරාධපුර පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපති චින්තක කෝරලේගෙදර නමැත්තා රුපියල් පන් ලක්ෂයක් පමණ වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු පැකට් 77 ක්, ඒ සඳහා යොදාගත් ජංගම දුරකථන ඇතුළු විවිධ පුද්ගලයන්ගේ හැඳුනුම්පත් රැසක් සමග අනුරාධපුර පොලිසිය මගින් ඊයේ (18දා) පෙරවරුවේ අනුරාධපුර කවරක්කුලම ගණදෙවි ප‍්‍රතිමාව අසලදී අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුර මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහතාට ලද තොරතුරක් මත ඒ මහතා යටතේ ක‍්‍රියාත්මක විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී ඊයේ පෙරවරු 11.30ට පමණ ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

එම වැටලීමේදී සැකකාර පොලිස් පරීක්ෂකවරයා සන්තකයේ තිබූ කුඩා ප‍්‍රමාණයේ හෙරොයින් මත්කුඩු පැකට් 64 ක්, විශාල ප‍්‍රමාණයේ මත්කුඩු පැකට් 13 ක් ‘ඊෂි කෑෂ් ක‍්‍රමයට මත්කුඩු අලෙවියට භාවිත කළ සිම්පත් සහිත ජංගම දුරකථන 10ක්, තවත් ජංගම දුරකථන සිම්පත් 12ක්, රියැදුරු බලපත් 02 ක්, විවිධ පුද්ගලයන්ගේ පුරවැසි හැඳුනුම්පත් 05ක්, බැංකු කාඞ්පත් 02 ක් සහ මත්ද්‍රව්‍ය අලෙවිය සඳහා භාවිත කළ යතුරුපැදියක් වැටලීම කළ නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.

සැකකාර පොලිස් පරීක්ෂකවරයා ඊෂි කෑෂ් ක‍්‍රමයට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට අනුරාධපුර මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට මාස තුනකට පමණ පෙර තොරතුරු ලැබී තිබූ අතර, ඒ සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කිත්සිරි ලංකා ගීගනගේ මහතා දැනුවත් කොට විමර්ශන පැවැත්වීමට උපදෙස් ලබා දී තිබිණි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් රහසිගතව විමර්ශනයක් ආරම්භ කර මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා යටතේ ක‍්‍රියාත්මක විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට අදාළ විමර්ශනය භාර දී ඇත.

මේ අතර සැකකාර පොලිස් පරීක්ෂකවරයා පසුපස මාස තුනක පමණ කාලයක් ලූහුබැඳ ගිය පොලිස් නිලධාරීන්ට ඊයේ ඔහු ඊෂි කෑෂ් ක‍්‍රමයට මත්කුඩු අලෙවි කිරීමට සූදානම්ව සිටින බවට ලද තොරතුරක් මත ුමූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන්වරුන් තිදෙනකු කවරක්කුලම ප‍්‍රදේශයට ගොස් තිබිණි.

එම නිලධාරීන් එහි යන අවස්ථාවේ ඊෂි කෑෂ් ක‍්‍රමයට අලෙවි කළ මත්ද්‍රව්‍ය පැකට්ටුවක් කවරක්කුලම ප‍්‍රදේශයේ ගණදෙවි ප‍්‍රතිමාව අසල වළ දැමීමට සැකකාර පොලිස් පරීක්ෂකවරයා සූදානම් වනවාත් සමගම පොලිස් නිලධාරීන් ඔහු මෙල්ල කර අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

එම අවස්ථාවේ සැකකාර පොලිස් පරීක්ෂකවරයා සිය ජංගම දුරකථනය අසල වෙල්යායට විසිකර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වෙල්යායට විසි කළ ජංගම දුරකථනය ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

අනුරාධපුර පොලිසිය සැකකරු රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

අනුරාධපුර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කිත්සිරි ලංකා ගීගනගේ, අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි කේ. ඒ. ජේ. එස්. කොඩිසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහතාගේ මෙහෙයවීමෙන් සැරයන්වරුන් වන බාලසූරිය (28049) ඩග්ලස් (37292) සහ ජානක (33910) යන නිලධාරීහු මේ පිළිබ`දව වැඩිදුර පරීක්ෂණ පවත්වති.
 

kandos18

අද දිවයින

සිනමා කලා

bs250

නවලිය

ksugewa250

දියග

karunaratne250

මීවිත

janith250

More Articles