Divaina - පාර්ලිමේන්තුවේ නවයකට කොරෝනා - පහක් සේවකයෝ - හතරක් ආරක්‍ෂකයෝ

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 18 pali2පාර්ලිමේන්තු සේවකයන් පස්දෙනකුට හා පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදවා සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් සිව්දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා සඳහන් කරයි.

කථානායකවරයා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් තිස්දෙදෙනකු මෙන්ම පාර්ලිමේන්තු සේවකයන් ඇතුළු පුද්ගලයන් නවසිය හතළිස් තුන්දෙනකුට සිදුකළ පී. සී. ආර්. පරීක්ෂණ මගින් මෙම ආසාදිතයන් නව දෙනා හඳුනාගෙන ඇත.

මෙහිදී පරීක්ෂණයට ලක් කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිසිවකුටත් වෛරසය ආසාදනය වී නොමැති බව ද නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් තිදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග කථානායකවරයා සෞඛ්‍ය බලධාරීන් සමග සිදු කළ සාකච්ඡුාවකින් පසු ඉකුත් 13 වැනිදා සහ 15 වැනිදා යන දෙදිනේදී මෙම පී. සී. ආර්. පරීක්ෂණ සිදු කරනු ලැබීය.

ආසාදිත පාර්ලිමේන්තු සේවකයන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු නව දෙනා ආගිය තැන් හඳුනා ගැනීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ සීසීටීවී දර්ශන නිරීක්ෂණය කරමින් පුළුල් විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.

සීසීටීවී දර්ශන නිරීක්ෂණය කිරීමෙන් හඳුනා ගන්නා අදාළ ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය උපදෙස් අනුව අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගනු ලබන බව ද නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා සඳහන් කරයි.

මේ වන විටත් අදාළ ආසාදිතයන්ගේ සමීප ආශ‍්‍රිතයන් නිරෝධායනයට යොමු කිරීමට ද පියවර ගෙන ඇත.

ඇතිවූ තත්ත්වය තුළ පාර්ලිමේන්තු සංකීර්ණයේ කිසිදු කාර්යාලයක් වසා දැමීමට කටයුතු කර නොමැති බව ද සඳහන් කරන නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා මේ වන විටත් පාර්ලිමේන්තු සංකීර්ණය අවස්ථා කිහිපයකදීම විෂබීජානුහරණයට ලක් කිරීමට ක‍්‍රියා කර ඇතැයි ද පවසයි.

එසේම හඳුනාගත් ආසාදිතයන් රාජකාරි කළ ස්ථාන ද නැවත විෂබීජානුහරණය කිරීමට ද කටයුතු කර ඇත.

ඇතිවී තිබෙන තත්ත්වය තුළ මෙම සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යෑම පිළිබඳ තීරණය කිරීම සඳහා කථානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (18 වැනිදා* පෙරවරුවේ රැුස්වී සාකච්ඡුා කිරීමට නියමිතය.

කථානායකවරයා සහ පක්ෂ නායකවරුන් සහභාගි වන එම සාකච්ඡුාවේදී මෙම සතියේ පාර්ලිමේන්තුව පැවැත්වෙන්නේ ද නැද්ද යන්න තීරණය කෙරෙනු ඇත.

සමන් ගමගේ, අකිත පෙරේරා

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles