චමින්ද සිල්වා, ඡායාරූප - නිමල් දයාරත්න
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ඇතුළු ඉහළ තනතුරු කිහිපයක් සඳහා නව නිලධාරීන් පත්කර ගැනීම ඊයේ (13 දා) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සිදුවිය.
ඒ අනුව පක්ෂයේ මහ ලේකම් ලෙස පාලිත රංගෙ බණ්ඩාර, සභාපති ලෙස වජිර අබේවර්ධන, උප සභාපති ලෙස අකිල විරාජ් කාරියවසම්, උප සභාපතිවරුන් ලෙස සාගල රත්නායක, අනෝමා ගමගේ යන මහත්ම මහත්මීහු පත්වූහ.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති අතර එහිදී නව නිලධාරීන් පත්කිරීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරන ලදී.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන යන මහත්වරුන් තවදුරටත් එම තනතුරුවල කටයුතු කරන අතර, නීති ලේකම් ලෙස නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා ද, භාණ්ඩාගාරික ලෙස ඒ. එස්. එම්. මිස්සාන් මහතා ද පත්ව සිටිති.
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැුස්වීම සඳහා හිටපු මන්ත්‍රීවරුන් වන ජෝන් අමරතුංග, නවීන් දිසානායක, අර්ජුන රණතුංග, චම්පිකා පේ‍්‍රමදාස, කරුණාසේන කොඩිතුවක්කු, ආශු මාරසිංහ යන මහත්වරුන් ඇතුළු හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි වී ඇති අතර, රවී කරුණානායක මහතා නව තනතුරක් ලබාගැනීම සම්බන්ධයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡුා කිරීමෙන් පසු කෘත්‍යාධිකාරි මණ්ඩල රැුස්වීමට සහභාගි නොවී පිටව ගිය බව සිරිකොත අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.
කෘත්‍යාධිකාරි මණ්ඩලය සඳහා ලබන සතියේ තවත් කිහිපදෙනකු පත්කර ගැනීමට ද මෙහිදී එකඟ වී තිබේ. පක්ෂයට ලැබුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා කිසිවෙකු පත්කර ගැනීමට මෙහිදී සාකච්ඡා වී නැත.
- Hits: 331